October 26, 2021

Ada Rata

All news in one location

“තාත්තගේ අන්තිම කටයුතු කරලා ගෙදර එන්න වුනේ නෑ.බැංකුවෙන් කෝල් කරලා කියපු දේට මං පුදුම වුනා “


“ඔබ දුප්පතෙකු වී ඉපදීම ඔබේ වරදක් නොවේ.නමුත් ඔබ දුප්පතෙකු වී මිය යන්නේ නම් එය ඔබේ වරදකි”

මේ බොහෝ දෙනා අතර ජනප්‍රිය කියමනක්.

මිනිසෙකු සාර්ථක වනුයේ තම ආත්ම විශ්වාසය මෙන්ම හෙට දවසේ බලාපොරොත්තු වන ඉලක්ක වලට ළඟා වීමට ඔහුට ඇති ශක්තිය මතයි.

සියවස් කිහිපයකට පෙර ශ්‍රී ලංකාව කෙරෙහි බ්‍රිතාන්‍යයින් ඇතුලු බටහිර ජාතීන්ගේ නෙත් ගැටීමට බල පෑ ප්‍රධානතම කරුණක් වූයේ මෙරට ඇති සරු බිමෙහි උපදින බව භෝගයි.අදටද තේ පොල් රබර් හැරුනු විට කුරුඳු,ගම්මිරිස් ,සාදික්කා ආදිය අපගේ අපනයන බෝග ලැයිස්තුවේ ඉහළින්ම පසුවන නාමයන් කිහිපයකි.

කුරුඳු ප්‍රමුඛව මෙරට  කුළු බඩු අපනයනයේ ප්‍රමුඛයා වන්නේ රත්න සිලෝන් ආයතනයයි.නමුත් රත්න සිලෝන් නාමය සහ එම ආයතනය එක් රැයකින් බිහි වූවක් නොවන අතර උත්සාහය නිසාවෙන්ම එය සෙමින් සෙම්න් මහ පොළොවේ යථාර්තයක් වූ සාර්ථක ව්‍යාපාරික ආයතනයකි.

වර්තමානයේ එහි අධ්‍යක්ෂ තනතුර දරනුයේ රවිඳු රුහුණගේ මහතායි.තරුණයෙකු වශයෙන් සිය නැවුම් අදහස් කැටි කොට ගෙන දිනෙන් දින ව්‍යාපාරය ඉහළටම ගෙන යන්නට ඔහුට හැකිව තිබෙනවා.

රටවල් 54 කට මෙරට කුළු බඩු අපනයනය කරමින් මෙරටට ඩොලර් ගෙන්වන මේ තරුණ ව්‍යවසායකයා තවත් පුද්ගලයින් 520 කට වඩා වැඩි පිරිසකට සෘජු රැකියා අවස්ථා මෙන්ම තවත් බොහෝ පිරිසකට වක්‍ර රැකියා අවස්ථාද උදා කර දී තිබෙනවා.

එක් වසරකට ඔහු විසින් අපනයනය කරන කුළු බඩුවල වටිනාකම මෙරට මුදලින් රුපියල් බිලියන 6 කට ආසන්න වේ.

සිය පියාගෙන් ලැබූ පන්නරයෙන් සවිමත් වූ ඔහු රත්න වෙළඳ නාමය,ප්‍රවාහන ,ඉදි කිරිම් , සංචාරක,වගා කටයුතු යන ක්ෂේත්‍ර කෙරෙහිද මේ වන විට ව්‍යාප්ත කොට තිබෙනවා.

දෙවෙනි පරපුර නියෝජනය කරමින් තම පවුලේ ව්‍යාපාරය වෙනුවෙන් උරදෙන් රවිඳු සිය අතීතය සිහි කරන්නේ මෙලෙසිනි.

“අම්මත් එක්ක එකතුවෙලා තාත්තා මේ බිස්නස් එක පටන් ගත්තේ 1985 දී.පුංචි කඩ කාමරයක.ටිකෙන් ටික දියුණු වුනේ.සමහර දවස්වලට කොළඹ ගිහිල්ලා නිදාගන්නේ ලොරිය ඇතුලෙ.එහෙම ගමනක් ඇවිල්ලා 2005 වසරේ මහා පරිමාණ ව්‍යාපාරයක් විදිහට රන් සම්මානයෙන් පිදුම් ලැබුවා ”

පියා ව්‍යාපාරිකයෙකු වූ පමණින් ඔහුට එකවරම ආයතනයේ අධ්‍යක්ෂ අසුනෙහි හිඳ ගැනීමට වරම් හිමිවුනේ නැහැ.

“මං ඉපදුනෙත් ඒ පොඩි කඩ කාමරේ.පොඩි කාලේ ගෙවුනෙම මේවත් එක්ක .මන් මේ කම්පැනි එකේ කුරුඳු තලන තැන ඉඳලා හැම තැනකම වැඩ කරා.මං රාහුල විද්‍යාලයට ගියේ.එතනින් රුහුණු විශ්ව විද්‍යාලයට ගිහිල්ලා විදෙස් අධ්‍යාපනයත් ලබලා එනවා.ඊට පස්සෙ 2012 දි තමයි මන් අධ්‍යක්ෂ පුටුවක වාඩි වෙන්නේ”

පියාගෙන් ලැබූ ගුරුහරුකම් ඔහු සිහි කරන්නේ එලෙසිනි.

අදටද උදේ 7 ට පමණ වැඩ ටික පටන් ගන්නා ඔහු දවස නිමා කරන්නේ පාන්දර එක දෙකත් පසු වූ විටය .

ඇති හැකි විට උදව් කරන්නට බොහෝ අය සිටිති.එහෙත් අසරණ ව සියල්ල අහිමිව ගිය පසු උදව්වට එන අය අඩු ය.රත්න සිලෝන් ආයතනය වෙනුවෙන් එවන් උපකාර කල අය පිළිබඳව රවිඳු සිහි කරන්නේ සංවේදී වෙමිනි.

“අපිට නැති වෙලාවේ අපේ හයියට හිටියේ සෙලාන් බැංකුව.තාත්තා නැතිවුනේ 2020 දී.තාත්තගේ අවසන් කටයුතු කරලා මට ගෙදර එන්න වුනේ නෑ.කෝල් එකක් ආවා.සෙලාන් බැංකුවේ CEO කපිල ආරියරත්න සර්ගෙන්.

“රවිඳු ඔයා බය වෙන්න එපා.තාත්තත් එක්ක හිටියා වගේ අපි ඔයත් එක්කත් ඉන්නවා ඔයාට හයියක් වෙලා.අපි ඉස්සරහටම යමු”

සැබවින්ම මේ තරුණ ව්‍යාපාරිකයාට සෙලාන් බැංකුවේ මේ වචන ටික මහ මෙරක් තරම් ය.කඹුරුපිටියේ නොතිබුනු සෙලාන් බැංකුව ඔහු වෙනුවෙන්ම නගරයේ ශාඛාවක්ද විවෘත කරන්නට විය.

“අපේ කම්පැනි එක ඉස්සරහා තමයි සෙලාන් බැංකුව තියෙන්නේ.ඒක මට හරි ආඩම්බරයක් .වෙන බැංකු මාව දාලා යන වෙලාවේ හයියට හිටියේ සෙලාන් බැංකුව ”

තරුණයෙකු වශයෙන් හිතේ ජවය මෙන්ම තමා ලැබූ දැනුමෙන් තවත් අයගේ අනාගතය ස්ථාවර කරන්නට මෙන්ම උපන් ගම වෙනුවෙන් යමක් කිරීමේ අවශ්‍යාතවය මේ තරුණයා සතුව තිබේ.

කටුක මාවතකින් පැමිණ දියුණුවේ හිනි පෙත්තටම නගිමින් සිටින මෙවන් තරුණ පෙරගමන්කරුවන් සැබවින්ම රටට වාසනාවකි.

වීඩියෝව පහතින්

 



Source link