October 27, 2021

Ada Rata

All news in one location

තවත් ගැබිනි කාන්තාවක් මියයයි – ගැබිනි කාන්තාවන්ට එන්නත්කරණය ගැන තවම තීරණයක් නෑ !



කොවිඩ් 19 වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් ගැබිනි කාන්තාවක් මියගොස් තිබෙනවා. කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මිය‍ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාව මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අසාධ්‍ය තත්වයෙන් පසුවූ බැවින් කරාපිටිය රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

මීට පෙරද කොවිඩ් ආසාදිත ගැබිනි කාන්තාවක් මියගිය අතර මෙම මරණයද සමගින් ගැබිනි මව්වරුන්ගේ මරණ දෙක දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොවිඩ් එන්නත්කරණයේදී ගැබිනි කාන්තාවන්ට ප්‍රමුඛතාවය ලබාදෙන ලෙසට සෞඛ්‍ය බළධාරීන්ගෙන් ඉල්ලා ඇතත් ඒ සඳහා තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැත. ඒ පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් හෙට දිනයේදී පැවැත්වෙන බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ.

UN




Source link