October 27, 2021

Ada Rata

All news in one location

තරුණයෙක් මතට විශාල ගලක් පෙරලෙයි…


May 9, 2021 at 2:09 am | lanka C news

තරුණයෙක් මතට විශාල ගලක් පෙරලෙයි…

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගය කාපට් අතුරා සංවර්ධන කිරිමේ කටයුත්තක් සදහා යෙදවා තිබු ස්කැවෙටර් යන්ත්‍රයකින් පස් කපමින් සිටියදි විශාල ගලක් තරුණයෙක් මතට (08) දින පෙරලිමෙන් එම තරුණයා බරපතල ලෙස තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු තුවාලකරුගේ තත්ත්වය බරපතල නිසා තුවාලකරු දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවු බව බගවන්තලාව පොලිසිය පැවසිය.

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ බගවන්තලාව ටින්සින් නගරයේ ස්කැවෙටර් යන්ත්‍රයෙන් පස් කපමින් සිටියදි පස් වලට යට වි තිබු විශාල ගලක් එකවරම කෙසෙල්ගමුඔය දෙසට පෙරලි ඇත.

කෙසෙල්ගමුඔය අසල තෘණ කපමින් සිටි තරුණයෙකු ගලට යට වි ඇති අතර , පසුව එම තරුණයාව ප්‍රදේශවාසින් එක් ව රෝහල් ගත කර ඇත.

ස්කැවෙටර් යන්ත්‍රයේ ක්‍රියාකරුව බගවන්තලාව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර , පස් කැපිමට උපයෝගි කරගත් ස්කැවෙටර් යන්ත්‍රයද පොලිස් භාරයට ගෙන ඇත.

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරිමේ කටයුතු පෞද්ගලික අංශයක් මගින් සිදු කරනු ලබයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

55 views



Source link