December 4, 2021

Ada Rata

All news in one location

තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක්


මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය බටහිර දෙසට බරව ගමන් කර 2021 නොවැම්බර් මස 18 වන දින දකුණු ආන්ද්‍රා ප්‍රදේශයට යාබද උතුරු තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කිරීමේ වැඩි හැකියාවක් ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් උතුරු පළාතෙත් පුත්තලම, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳන් කළේ.

මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි වනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියා.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්…
(colombotimes.lk)

Viber



Source link