January 19, 2022

Ada Rata

All news in one location

තත්පරයට කිලෝමීටර් 9 ක වේගයෙන් පෘථිවිය දෙසට එන ග්‍රාහකය – Nawabima.LK


අභ්‍යවකාශ ඒජන්සිය පෘථිවියට අභ්‍යවකාශ පාෂාණ දෙකක් ගැන අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

පළමුවැන්න නම් අප්‍රේල් 10 වන දින මීටර් 19 ක් විශාල 2021 GT3 ග්‍රාහකය පෘථිවිය හා චන්ද්‍රයා අතරින් ගමන් කිරීමයි.
එය පෘතුවියට කිලෝමීටර් 255,886 ක් ඈතින් ගමන් කරන බව පැවසේ. පෘතුවිය සිට චන්ද්‍රයාට දුර කිලෝමීටර 385,000 කි.
ග්‍රහකය පෘථිවියට සෘජු තර්ජනයක් නොවනු ඇත, නමුත් එහි සුන්බුන් මගින් පෘථිවිය කෙතරම් අවදානමට ලක්විය හැකිද යන්න පිළිබඳ මතයක් පළ කළ නොහැකි බව සඳහන් වේ.

දෙවැන්න නම් තවත් මසක කාලයක් ඇතුළත පෘතුවිය අසළින් යන AF 8 ග්‍රහකයයි. එය මීටර් 260 සිට 580 දක්වා ඕනෑම ප්‍රමාණයකින් යුක්ත විය හැකි බව පැවසේ.

නාසා ආයතනය විස්තර කරන පරිදි තත්පරයට කිලෝමීටර 9 ක වේගයෙන් ගමන් කරන “අනතුරුදායක AF 8″ පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 3.4 ක් පමණ ඈතින් ගමන් කරනු ඇත.





Source link