October 28, 2021

Ada Rata

All news in one location

ණය පියවන්න ඩොලර් නෑ.. සිපෙට්කෝ ඇමරිකාවෙන් ඩොලර් බිලියන 2.5ක ණයක් ගනී…


September 11, 2021 at 3:50 pm |

ණය පියවන්න ඩොලර් නෑ.. සිපෙට්කෝ ඇමරිකාවෙන් ඩොලර් බිලියන 2.5ක ණයක් ගනී…

මුහුණ දී ඇති බරපතළ මූල්‍ය අර්බුදය පියවා ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇමරිකානු ඩොලර් මිලියන 2,500 ක ණය මුදලක් ජාත්‍යන්තර වෙළෙඳ පොලෙන් කඩිනමින් ලබා ගැනීමට තීරණය කර තිබේ.

බලශක්ති අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරන්නේ එම ණය මුදල ලබාගන්නේ ඇමරිකාවේ ‘කන්සෙප්ට් ග්ලෝබල්’ නම් මූල්‍ය ආයතනයකින් බවයි.

මේ සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ද ලැබී තිබේ.

වසර 2 ක සහන කාලයක් සහිතව ලබාගෙන මෙම ණය මුදල ආපසු ගෙවීමේ කාලය වසර 12 ක් වේ වන අතර වාර්ෂික පොලී අනුපාතය සියයට තුනකි.

තෙල් සංස්ථාව මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය හමුවේ රාජ්‍ය බැංකු දෙකේ ඩොලර් කෝටි 330ක් පමණ වන කල් පිරී ඇති ණයවර ලිපි පියවීම පවා නොහැකි වී ඇතැයි ද වාර්තා වෙයි.

0 views



Source link