October 28, 2021

Ada Rata

All news in one location

“ඩෙල්ටා” සහ “ඇල්ෆා” කොවිඩ් ප්‍රභේද මෙරට තවත් ප්‍රදේශ කිහිපයකින් වාර්තා වෙයි


ඉන්දියාවේ සිඝ්‍රයෙන් ව්‍යාප්ත වන B.1.617.2 “ඩෙල්ටා” කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 05 දෙනෙකු මෙරටින් හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

ඒ අනුව කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයෙන් එම 05 දෙනා හමු වූ බවයි ආචාර්යවරයා පැවසුවේ.

එමෙන්ම කොළඹ 6,8 සහ 10 යන ප්‍රදේශවලින්ද, කරාපිටිය සහ මඩකලපුව ප්‍රදේශයේ සිදුකළ ජෛව සාම්පල් පරික්ෂණ මගින් “ඇල්ෆා” කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් හඳුනාගත් බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. (colombotimes.lk)



Source link