October 17, 2021

Ada Rata

All news in one location

“ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය” මෙරට තවත් ප්‍රදේශයකින් හඳුනාගැනේ?


ඉන්දියාවේ ව්‍යාප්ත වන “ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය” පිළිබඳ යම් හඳුනා ගැනීමක් මාදිවෙල – ප්‍රගතිපුර ප්‍රදේශයෙන් සිදුකරගෙන තිබෙනවා.

නමුත් රෝග පාලනයට අවශ්‍ය පියවරගෙන ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවේ.

මෙරටින් පළමු වරට ඉන්දීය “ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය” ආසාදනය වුවන් දෙමටගොඩ ආරාමය ප්‍රදේශයෙන් පසුගියදා හඳුනා ගත්තා.

එහිදී අහඹු ලෙස තෝරාගත් සාම්පල පහක් සම්බන්ධයෙන් කළ වැඩිදුර පරීක්ෂණ වලදී එම සාම්පල පහම ඉන්දීය “ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය” බවට තහවුරු කර ගැනුණා.

මේ පිළිබඳව අදහස් දැක් වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා…

“මෙම ප්‍රදේශයේ සිදුකළ PCR පරීක්ෂණයෙන් අදාළ රෝගියාගේ ජෛව සාම්පල් පරීක්ෂණයේ යම් වෙනසක් තිබෙන බවට පර්යේෂණාගාරය මගින් දැනුවත් කිරීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ වන විටත් අප අවශ්‍ය කටයුතු සිදුකරගෙන යනවා. ඒ වගේම අදාළ ආසාදිතයාගේ ජෛව සාම්පල් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා”

(colombotimes.lk)



Source link