November 29, 2021

Ada Rata

All news in one location

ඩීසල් ලීටරයකින් 30 ක් පාඩුයි වහාම තෙල් මිල වැඩි කරන්න !



ඉතා කඩිනමින් ඉන්ධන මිල වැඩි කිරීමට කටයුතු කරන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බලශක්ති අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙනවා. සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ඊයේ (18) බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා හමු වී මේ පිළිබඳව සාකච්ඡා පවත්වා තිබෙනවා.

ලෝක වෙළඳපොලේ තෙල් මිල අඛන්ඩව ඉහළ යන බැවින් තවදුරටත් තෙල් මිල ඉහළ නොදමා සංස්ථාව පවත්වා‍ගෙන යා නොහැකි බව ඛනිජ තෙල් සභාපතිවරයා අමාත්‍යවරයාට පෙන්වා දී තිබෙනවා. සංස්ථාවේ ඉල්ලීම සලකා බලා තෙල් මිල වැඩි කිරීමට රජය කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව සුමිත් විජේසිංහ මහතා සඳහන් කරනවා.

සුමිත් විජේසිංහ මහතා පවසන පරිදි පෙට්‍රල් ලීටරයකින් ඛනිජ තෙල් සංස්ථාව රුපියල් 16 ක පාඩුවක් ලබන අතර ඩීසල් ලීටරයකින් රුපියල් 30 ක පාඩුවක් ලබමින් තිබෙනවා.

UN




Source link