November 29, 2021

Ada Rata

All news in one location

ඩිකොක් සමාව ගනී – සෙනසුරදා තරගයටත් එයි



ලෝක කුසලාන තරගාවලියේ පසුගියදා කොදෙව් කණ්ඩායම සමග පැවති තරගයට එක්වීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් සහ වර්ගවාදයට එරෙහිව දණ බිමතබා ප්‍රතිඥා දීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු රකින ක්‍රීඩක සිය කණ්ඩායම් සගයන්ගෙන් සහ ක්‍රීඩා‍ලෝලීන්ගෙන් සමාව ගෙන තිබෙනවා.

කොදෙව් කණ්ඩායම සමග තරගයට පෙර දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය නියෝග කර තිබුනේ දණ බිමතබා ප්‍රතිඥා‍ ලබාදීමට සියලු ක්‍රීඩකයන් එක්විය යුතු බවයි. කෙසේ නමුත් ඩිකොක් ඊට එකඟ නොවූ අතර ‍කොදෙව් කණ්ඩායම සමග තරගයෙන් ඉවත් වන බවද දන්වා තිබුණා.

අද පෙ‍රවරුවේ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු පවසා තිබෙන්නේ තම තීරණය හේතුවෙන් ක්‍රීඩකයන් සහ ප්‍රේක්ෂකයන් තුළ ව්‍යාකූලත්වයක් හා කෝපයක් ඇති වූ බවයි. ඒ සම්බන්ධයෙන් සියලු දෙනාගෙන් සමාව ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කරයි.

සිය ක්‍රිකට් බළධාරීන් නිකුත් කළ නියෝගය හේතුවෙන් සිය අයිතිවාසිකම් අහිමි වූවා වැනි හැඟීමක් ඇති වූ බවත්, කෙසේ නමුත් ක්‍රිකට් බළධාරීන් හා කණ්ඩායම් සගයන් සමග පැවති සාකච්ඡාවලින් පසුව ඔවුන්ගේ අභිප්‍රාය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගත් බවයි ඩිකොක් පවසයි. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ සිය රට වෙනුවෙන් තරග කිරීම සියල්ලටම වඩා වැදගත් බවයි.

ජාතිවාදයට එරෙහිව නැගී සිටීමේ වැදගත්කම තමා හොඳින් තේරුම් ගෙන ඇති බවත්, ක්‍රීඩකයෙකු ලෙස, අන් අයට ආදර්ශයක් ලබාදීමේ වගකීම තමාට තිබෙන බවත් ඔහු පවසයි.

ඒ අනුව ලබන සෙනසුරාදා ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගයේ සිට ලෝක කුසලාන තරගාවලියේ ඉතිරි තරග සියල්ලම ඔහු සහභාගි වනු ඇත.

UN

වර්ගවාදයට එරෙහිව දණහිස බිම තියන්න බෑ – ඩිකොක් ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරයි




Source link