January 24, 2022

Ada Rata

All news in one location

ටෙස්ට් ලෝක ශූරතාවේ අවසන් සටන අද




– 18 06 2021
– 08:54
– {{hitsCtrl.values.hits}} views

– ඕෂිත වරකාපිටිය




කුළුඳුල් ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවේ අවසන් මහා තරගය ඉන්දියාව හා නවසීලන්තය අතර එංගලන්තයේ සවුත්හැම්ටන්හිදී අද (18දා) මෙරට වේලාවෙන් ප.ව. 3.00 ආරම්භ වේ. එළඹෙන 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත මෙම තරගය ජයපැරදුමින් නිමා වුවහොත් හෝ ලකුණු සමවුව හොත් ශූරතාව කණ්ඩායම් දෙකටම ලබාදීමට නියමිතය‍.

එමෙන්ම එක් දිනයක තරගය පැවැත්වීමට නොහැකි වුවහොත් අමතර දිනයක් ලබාදීමටද සංවිධායකයන් පියවර ගෙන ඇත. තරගාවලියේ ජයග්‍රාහකයන්ට ඇ.ඩො. මිලියන 1.6(රු.කෝ. 31ක්)ක මුදලක් ලබාදීමට නියමිත අතර, අනුශූර කණ්ඩායමටද ඇ.ඩො. 800,000(රු. කෝ. 15)ක මුදලක් ලබාදීමට නියමිතය.

මෙම තරගාවලිය ආරම්භ කිරීමේ මූලික අදහස 2010 වර්ෂයේදී කරළියට පැමිණියද, තරගාවලිය පැවැත්වීමට සූදානම් කර තිබූ අවස්ථා දෙකකදීම (2013 හා 2017) එය පැවැත්වීමට නොහැකි විය. අනතුරුව මීට වසර දෙකකට පෙර, එනම් 2019 වර්ෂයේ අගෝස්තු 01 වැනිදා මෙම තරගාවලිය ආරම්භ විය. ඒ සඳහා ශ්‍රී ලංකාවද ඇතුළුව ලොව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් 09ක් සහභාගි විය. සමස්ත තරගාවලියට තරග 61ක් ඇතුළත් විය.

මෙම තරගාවලියේ තරග ලීග් ක්‍රමයට පැවති අතර, අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටි කණ්ඩායම් දෙක අතර අවසන් මහා තරගය පැවැත්වීමට සංවිධානය කළේය. කෙසේ වෙතත් %කෝවිඩ්-19^ වසංගත තත්ත්වය හේතුවෙන් තරගාවලි කිහිපයක්ම පැවැත්වීමට නොහැකිවිය.

තරගාවලියේ ලීග් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම ඉන්දියාව පසුවූයේ තරගාවලි 06කට සහභාගි වී, ඉන් තරගාවලි 05ක්ම ජය ගනිමිනි. එහිදී තරග 17කට සහභාගි වූ ඔවුන් ඉන් තරග 12ක් ජයගත් අතර, පරාජයට පත්වූයේ තරග 04ක් පමණි. එක් තරගයක් පමණක් ජයපැරදුමින් තොරව නිමා කළ ඉන්දියාවේ තරගාවලි ජයග්‍රහණ ප්‍රතිශතය දැක්වෙන්නේ 72.2෴ක් ලෙසිනි. තරගාවලිය පුරාම ඔවුන් ලබාගත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 520කි.

මේ අතර එහි දෙවැනි ස්ථානයේ පසුවන නවසීලන්තය තරගාවලි 05කට සහභාගි වී ඉන් තරගාවලි 03ක් ජයගෙන ඇති අතර, එක් තරගාවලියක් ජයපැරදුමින් තොරව අවසන් කරගෙන ඇත. ඔවුන් තරග 11කට මුහුණ දෙමින් තරග 07ක් ජය ගනිමින්, 04ක් ජය පැරදුමින් තොරව නිමා කිරීමට සමත් වී ඇත. නවසීලන්තය පරාජයට පත්වී ඇත්තේ තරග 04ක් පමණි. ඒ අනුව ඔවුන්ගේ ජයග්‍රහණ ප්‍රතිශතය 70෴කි. තරගාවලිය පුරාම නවසීලන්තය ලබාගත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 420කි.

කෙසේ වෙතත් මෙම තරගාවලිය යටතේ ඉන්දියාව හා නවසීලන්තය අතර නවසීලන්තයේ පැවති තරගාවලිය තරග 2-0ක් ලෙසින් ජය ගැනීමට නවසීලන්තය සමත්විය.

මෙම තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකාවට රටවල් 09ක් අතරින් 08 වැන්නා ලෙසින් තරගාවලිය නිමා කිරීමට සිදුවිය. එහිදී ඔවුන් තරගාවලි 06ක තරග 12ක් ක්‍රීඩා කරමින් ඉන් තරග දෙකක් ජය ගැනීමට සමත්වූ අතර, තරග දෙකක් ජයපැරදුමින් නිමා කළේය. නමුත් තරග 06ක්ම පරාජයට පත්විය. ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 200ක් හිමිව ඇත.





Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq