December 4, 2021

Ada Rata

All news in one location

ජුනි 14 පසුවත් සංචරණ සීමා දීර්ඝ වෙන ලකුණු!



මේ වන විට පනවා තිබෙන  සීමා ඇතැම් විට ජුනි 14 වැනිදායින් පසුවද දීර්ඝ විය හැකි බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (05) මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමිනි. 

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සතියකට දෙවරක් කාර්ය සාධක බලකාය රැස්වන අතර එහිදී පවතින තත්ත්වයන් අනුව තීරණ ගන්නා බවත් යම්හෙයකින් සංචරණ සීමා දීර්ඝ කළහොත් එහිදී ආහාර පාන ඇතුළු භාණ්ඩ සැපයීම පිළිබඳව, දෛනික ආදායම් උපයන අයට  සේවා ලබාදීම සිදුකරන්නේ කෙසේද යන්න පිළිබඳ එහිදී තීරණ ගන්නා බවයි අමාත්‍යවරයා කියාසිටියේ. 

පළමු රැල්ලේදී රු.5000 බැගින් දෙවරක් රු. බිලියන 80ක් ජනතාව අතර බෙදා දුන් අතර මේ වන විට  කොවිඩ් 19 වෙනුවෙන් රු.බිලියන 286ක් වැය කර ඇති බවයි හෙතෙම පැවසුවේ. 




Source link