October 28, 2021

Ada Rata

All news in one location

ජිනීවා කොමිසමෙන් ලංකාවට බලපෑම් කලේ අපේ ඉල්ලීම මතයි..


September 17, 2021 at 10:40 am | lanka C news

ජිනීවා කොමිසමෙන් ලංකාවට බලපෑම් කලේ අපේ ඉල්ලීම මතයි..- කතෝලික සභාව

මෙවර ජිනීවා මානව හිමිකම් සැසිවාරය ආරම්භක දිනයේදීම මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරටට බලපෑම් කළේ තමන් ඒ ගැන කර දැනුවත් කිරීම මත බව කතෝලික සභාව සඳහන් කරයි.

කතෝලික සභාවේ ජනසන්නිවේදන සහ අධ්‍යක්ෂ සිරිල් ගාමණි ප්‍රනාන්දු පියතුමන් කොළඹ අගරදගුරු නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

පාස්කු දින එල්ල වූ ප්‍රහාරය ගැන රට තුළදී යුක්තිය හා සාධාරණය ඉටු වේ යැයි විශ්වාසයක් නැති වූ නිසා මානව හිමිකම් කොමිසමට හා ජාත්‍යන්තරයට යාමට සිදු වූ බව ද උන්වහන්සේ පැවසූහ.

රට තුළ යුක්තිය හා සාධාරණත්වය ඉටුකර ගැනීමට නොහැකි නම් ඉන් එහාට යාමේ අයිතියක් පුරවැසියන්ට ඇතැයිද එතුමන් පැවසූහ.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම හෝ රජය විසින් ආරම්භ කර තිබුණේ නම් තමන් ජාත්‍යන්තරයට යාම වළක්වාගත හැකිව තිබූ බව ද ඔහු පැවසීය.

2,864 views



Source link