January 21, 2022

Ada Rata

All news in one location

ජැකලීන් පොහොසත් වූ හැටි | Gossip Lanka News


ජැකලීන් ෆර්නැන්ඩස් කවුදැයි යනුවෙන් ශ්‍රී ලාංකීය ජනතාවට අමුතුවෙන් හැඳින්වීමක් කළ යුතු නොවේ. සුරූපී ජැකලීන් යනු වත්මනෙහි ලොව දියුණුතම සිනමා කර්මාන්තය වන බොලිවුඩයට ගිය ශ්‍රී ලාංකීය සම්භවය ඇති ලෝ ප්‍රකට තාරකාවකි. ලෝකයේ මෙන්ම ලංකාවේද බොහෝ සුරූපිනියන් බොලිවුඩ් හෙවත් ඉන්දීය හිංදි සිනමාවේ තරුවක් වීමට සිහින මවන බව කිව හැකිය. එහෙත් ඒ සිහිනය ඉටුකර ගැනීමට ලැබීම නම් අතිශ්‍ය දුෂ්කර කටයුත්තකි. එනිසා ඒවා සිහින විතරක්ම වන බව සඳහන් කළ හැකිය. ඒ අතින් සුරූපී ජැකලීන් ෆර්නැන්ඩස් යනු සැබෑම වාසනාවන්තියකි. බොලිවුඩ් සිනමා තිරය ජයගත් ඇය අද එහි සිටින සුරූපී තාරකාවකි. පසුගිය දිනවල සුරූපී ජැකලීන් ගැන වැඩි දෙනාගේ අවධානය යොමු වූයේ, මූල්‍ය විමර්ශනයක් වෙනුවෙන් ඇයට පෙනී සිටීමට සිදුවූ නිසාය. අප කතා කිරීමට සූදානම් වන්නේ එකී මාතෘකාවට අදාළව නොවේ. දස වසරක් වැනි කාලයකදී ජීවිතයේ ශීඝ්‍ර දියුණුවක් ලැබූ, සුරූපී ජැකලින් ෆර්නැන්ඩස්ගේ මෙතෙක් ජීවිතය ගෙවුණු හැටි සහ ඇයගේ ව්‍යාපාර මොනවාද කියා අද අපි සොයා බලමු. ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය ඔස්සේ අද සටහන් වන්නේ ඇයගේ එකී කතාව ගැන විස්තරයි.   

රටවල් කීපයකට උරුමකම් කියන ජැකලීන්   

ජැකලීන් ෆර්නැන්ඩස් යනු ශ්‍රී ලාංකීය සම්භවය තිබුණ ද, රටවල් කීපයකට හිමිකම් ඇති කාන්තාවකි. ජැකලීන් උපන්නේ 1985 අගෝස්තු 11 වැනිදා. බහරේන් රාජ්‍යයේ මනාමා නගරයේදීය. තෙල් සම්පතින් පොහොසත්. බහරේන් රාජ්‍යයේ අගනගරය වන මනාමා යනු ලෝක සංචාරකයින් අතර පාරාදීසයකි. රට මෙන්ම මනාමා නගරය ද පොහොසත් ඉතිහාසයක් ඇති ස්ථානයකි. 2021 වන විට එහි ජනගහනය ලක්ෂ දෙක ඉක්මවා ඇති බව වාර්තා වේ. ධන කුවේරයින් වෙසෙන ‘‘මනාමා’’ නගරයේදී ජැකලීන් උපන්නේ දරුවන් හතර දෙනෙකුගෙන් යුතු පවුලක බාල දරුවා ලෙසය. සංගීත ශිල්පියකු වන ජැකලීන්ගේ තාත්තා එර්ල් ෆර්නැන්ඩස් ලාංකීය බර්ගර් ජාතික පුරවැසියෙකි. ජැකලීන් ශ්‍රී ලාංකීය චරිතයක් වන්නේ පිය පාර්ශ්වයේ සම්භවය නිසාය. එවකට සංගීත ශිල්පියකු ලෙස සක්‍රීයව කටයුතු කළ එරල් ෆර්නැන්ඩස් බහරේනයට සංක්‍රමණය වූයේ 80 දශකයේදී යැයි සඳහන් වේ. එලෙසින් එදා ෆර්නැන්ඩස් පවුල බහරේනය බලා යාමට හේතුව වූයේ ශ්‍රී ලංකාවේ පැවැති දේශපාලනික තත්ත්වය නිසා යැයි ඔවුන් පවසා ඇත.   

ජැකලීන්ගේ අම්මා මලයාසියානු ජාතික කාන්තාවකි. එවකට ඇය සේවය කළේ මැලේසියානු ගුවන් සේවයේය. ජැකලීන්ගේ පියා එරල්හට ඇය මුණගැසී ඇත්තේ ගුවන් චාරිකාවක් යන අතරවාරයේදීය. ඇයගේ නම ‘‘කිම්’’ය. සුරූපී කිම් හෙවත් ජැකලීන්ගේ මව, කැනේඩියානු සම්භවයක් ඇති පරපුරකින් පැවත එන කාන්තාවකි. සැමියාගේ සහ දරුවන්ගේ කටයුතු වෙනුවෙන් කැපවීම උදෙසා ‘‘කිම්’’ ගුවන් සේවා රැකියාවට සමුදී තිබේ. එර්ල් සහ කිම් යුවළට ගැහැනු දරුවන් දෙදෙනෙක් සහ පිරිමි දරුවන් දෙදෙනෙකි. ඒ අතරින් බාල දරුවා නොහොත් ෆර්නැන්ඩස් පවුල ‘‘තරු’’ පවුලක් බවට පරිවර්තනය කළ චරිතය ජැකලීන් වන්නීය. ‘‘ජැකී’’ මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ බහරේනයේ සිටය. මූලික අධ්‍යාපනය ලබමින් සිටි ඇය රූපවාහිනී නිවේදිකාවක ලෙස එරටදී කටයුතු කිරීමට පටන් ගත්තේ වයස අවුරුදු 14දී යැයි සඳහන් වේ. ඇයගේ අක්කාගේ නම ජෙරීය. අයියලා දෙන්නාගේ නම් වන්නේ රයන් සහ වොරන්ය. ‘‘මගේ තාත්තා නිතරම අපට විහිළු තහළු කරමින්, අපිට හොඳ යාළුවෙක් වුණා. ම​ගේ අයියලා දෙන්නා සහ අක්කා එක්ක ළමා කාලය ගත වුණේ හරිම ප්‍රිතියෙන්. අම්මා ගැන කිව්වොත් ජීවිතයේ සෑම දෙයක්ම ග්‍රහණය කර ගන්න, ඉදිරියට යන්න මාව ඉස්සරහට තල්ලු කළේ එයා.   

මම ඒ කාලයේ කළ කී දේ අම්මා රෙකෝඩ් කළා. අදටත් ඒ වීඩියෝ තියෙනවා. නිවාඩු කාලයේදී අපි ගත කළ විදිය, ක්‍රීඩා ඉසව්වලට සහභාගි වූ අවස්ථා, පාසලේ සම්මාන ප්‍රදානෝත්සව, නත්තල් රාත්‍රී සම්භාෂණ අවස්ථා, චිත්‍රපට නැරඹූ අවස්ථා මේ ඔක්කෝම ඇය පටිගත කරලා තියෙනවා.”   

‘‘ආ…. ඒ විතරක් නෙවෙයි, ඒ කාලයේදී මම ටිකක් ලොකු චිකන් කෑල්ලක් කද්දී ඒකත් පටිගත කරලා තිබුණා. ඇය නිතරම කිව්වේ මම හරි ප්‍රියමනාපයි, ලස්සනයි කියලයි. ඇත්තටම කිව්වොත් අපේ අම්මා හරි ලස්සන, සුන්දර, ඒ වගේම හොඳ හදවතක් තියෙන කාන්තාවක්. ඒ වගේම ලස්සන පවුලක ලස්සන ගෙදරක සාමාජිකයකු වීම මට ලොකු සතුටක්’’ ඇය කියන්නීය.   

ජැකලීන්ගේ ලස්සන තාරුණ්‍යය   

ළමා කාලය ගැන ලස්සන මතකයක් ඇති ‘‘ජැකී’’ ඒ මතක මුදාහැරියේ ඇයගේ ‘‘යූ ටියුබ්’’ චැනලය ඇරඹිදාය. ජැකලීන්ගේ ‘‘තරු’’ හැකියාව මුලින්ම හඳුනා ගත්තේ ඇයගේ මව යැයි කිව හැකිය. කුඩා කාලයේ සිටම මව ‘‘ජැකීව’’ විවිධ දේට යොමු කළේ ඒ නිසා විය හැකිය.   

ප්‍රථම වතාවට මම නිරූපණය වෙනුවෙන් වේදිකාවට ආ දවසේ, ඒ නිරූපණ අවස්ථාවෙන් පසුව අම්මා මට කිව්වේ, එතැන හිටපු අනෙක් ඔක්කොම ගැහැනු ළමයින්ට වඩා මම ලස්සනයි කියලයි.   

යුවතියකව සිටි අවදියේදී එක්තරා නිරූපණ ​ඉසව්වකට සහභාගි වූ මතකය ජැකී ආවර්ජනය කළේ එලෙසිනි.

මනාමා සිට සිඩ්නි නුවරට   

බහරේනයේ සිට මූලික අධ්‍යාපනය ලැබූ ජැකී උසස් අධ්‍යාපනය වෙනුවෙන් පසුව සිඩ්නි සරසවියට ඇතුළත් වී ජනමාධ්‍ය පිළිබඳව උපාධියට හිමිකම් ලැබුවාය. උපාධිය ලබාගැනීමෙන් පසුව ශ්‍රී ලංකාවේදී රූපවාහිනී වැඩසටහන් කීපයක් කිරීමට ඇය ඉදිරිපත් වූයේ මාධ්‍ය සහ භාෂා ක්ෂේත්‍රය කෙරෙහි ඇති ආසාව සහ උනන්දුව නිසාය. ජපානයේ හිමිකාරිත්වය ඇති භාෂා පුහුණු සහ පුද්ගල පෞරුෂ සංවර්ධනය පිළිබඳ පාසලක් වන බර්ට්ලීට්ස් (Berlitz) පාසලට ඇතුළත් වූ ජැකී එහි සිට ස්පාඤ්ඤ, ප්‍රංශ, අරාබි භාෂා ප්‍රගුණ කළ බව සඳහන් වේ.   

භාෂාවලට ඇති හැකියාව   

සුරූපී ජැකී හට අද වන විට භාෂා, කීපයක්ම කතා කිරීමේ හැකියාව තිබේ. ඉහත කී පරිදි ස්පාඤ්ඤ, ප්‍රංශ, අරාබි, මලයාලම්, හිංදි සහ ඉංග්‍රීසි ඇය චතුරව හසුරුවන බව කිව හැකිය. ඇය බොලිවුඩ් තරුවක් වීමට එකී හැකියාවන්ද ඉවහල් වූ බව නිසැකවම කිව හැකිය.   

තරු ගමනක ආරම්භය   

‘‘ජැකලීන්’’ ලෝකය ස්පර්ශ කළේ, ඉන්දියාවේ සිට වුවද, ඇයගේ තරු ගමන ආරම්භ කළේ පුණ්‍ය භූමියක් වන ශ්‍රී ලංකාවේ සිටය. ඇයගේ තරු ගමනේ වාසනාවන්ත ඇරඹුම ශ්‍රී ලංකාවය. 2006ට පෙර ශ්‍රී ලංකාවට පැමිණ රූපවාහිනී වැඩසටහන් කරමින් නිරූපණ කටයුතුවල නියැලෙමින් සිටි ජැකී 2006 ශ්‍රී ලංකා රූ රැජින තරගයට ඉදිරිපත් වූවාය.   

‘‘එදා මට මිස් ශ්‍රී ලංකා හෙවත් ශ්‍රී ලංකා රූ රැජින තරගය ජය ගැනීමට හැකිවීමත්, වයස 21 පසුවූ මට ඒ සමග විශ්ව රූ රැජින තරගය නියෝජනය කිරීමට අවස්ථාව ලැබුණා. එහිදී මට ජයක් නොලැබුණත්, මගේ ඉදිරි ගමන සඳහා වූ ශක්තිමත් පදනමක් ඒ නිසා ලැබූ බව කියන්න පුළුවනි. ඒ වගේම මට හොඳ අධිෂ්ඨානශීලී බවක් ඇති වුණා.   

එසේ අතීතාවර්ජනය කරන ජැකී හට, බොලිවුඩ් තරුවක වීමේ සිහිනය තිබී ඇත්තේ ඇය ළමා අවදියේ සිටය. ඒ සිහිනය මල්ඵල දැරුවේ 2006 ශ්‍රී ලංකා රූ රැජින වී පසුව 2009 වසරේදී නිරූපණ ඉසව්වක් වෙනුවෙන් ඉන්දියාවට යාමට ලැබීමත් සමගය. එහිදී නිරූපණ අවස්ථාවට පමණක් පෙනී නොසිටි ඇය, ජනප්‍රිය වේදිකා හා රංගන ගුරුවරයකු වන බැරී ජෝන් යටතේ රංගනය ගැනද යමක් ඉගෙනීමට උනන්දු වූවාය.   
එයින් පසුව විනෝදාත්මක තේමාවක් රැගත් ‘‘සුජෝව් ගෝෂ්ගේ’’ අැලඩින් චිත්‍රපටයේ බඳවා ගැනීමේ පරීක්ෂණයට සහ පුහුණුව සඳහා ඇයට අවස්ථාව හිමි වුණා. ඇයගේ බොලිවුඩ් සිහිනය සැබෑ වූවා පමණක් නොව, ඇයගේ සිහින කුමරකු වූ රිකේෂ් දේශ්මුක් සමග ඇලඩින් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලැබීමට තරම් ඇය වාසනාවන්තියක වූවාය. මේ සියල්ලට පෙර ඇය රංගනයෙන් මුල් වරට පෙනී සිටි අවස්ථාවන් ගැන සඳහන් කළ යුතුමය. ඔබට මතකද 2006 භාතිය සහ සන්තුෂ්” අශාන්ති සහ රන්ධීර් සමග මුදාහැරි හිංදි ගී නිර්මාණයක් වන ඕසාති (Oh Sathi) මියුසික් වීඩියෝව. එහි රංගනයට, ලෝ ප්‍රකට සනත් ජයසූරි, චමින්ද වාස් සමග ජැකලීන් පෙනී සිටි වග සඳහන් කළ හැකිය. ‘‘ඇලඩින්’’ චිත්‍රපටයට පෙර ජැකීගේ රංගනයක් දැක ගත හැකි වූයේ නම් ඒ භාතිය-සන්තුෂ් හදා ඉදිරිපත් කළ එම මියුසික් වීඩියෝවය. ඇලඩින් චිත්‍රපටයේ ඇය රඟපෑවේ ජෙස්මින් කුමරිය යන චරිතයයි. ඉනික්බිතිව ඇය කෝටි සංඛ්‍යාත ජනතාවකගේ ආකර්ශනයට නතු වූ බොලිවුඩ් සිනමාවේ ආදායම් වාර්තා තැබූ, හවුස්ෆුල්, මර්ඩර් – 2, ​රේස් – 2, කික්, රෝයි, බ්‍රදර්ස්, හවුස් ෆුල් – 3 ඇතුළු චිත්‍රපටවල රංගනයන්ට දායක වෙමිනි. එහිදී බොලිවුඩ් අවතීර්ණය උදෙසා, සම්මාන උළෙලවලදී ඇය සම්මානයටද පාත්‍ර වූවාය. 2015 දී Definition of Fear යන බ්‍රිතාන්‍ය චිත්‍රපටයේ රඟපෑ ජැකී, චන්දන් රත්නම්ගේ According to Matthew චිත්‍රපටයේද රඟපාමින් ඇයගේ කුසලතා පෙන්වීය. ඉන්පසු රූපවාහිනී වැඩසටහන්වලට තරග තීරකවරියක ලෙස ද ආරාධිත චරිතය ලෙස ද සහභාගි වී එකී ප්‍රේක්ෂකයන්ගේද ආදරය දිනාගත් ජැකී ඒ දක්වා කළ දේ වෙනුවෙන් සම්මාන රැසක් තම රාක්කයේ පුරවා ගත්තේ, වැඩි කාලයක් නොගොසිනි.   

ප්‍රසංග වේදිකාව ඔස්සේ ලෝක චාරිකා   

ජැකීගේ රංගනය සීමා වූයේ බොලිවුඩයට පමණක් නොවේ. ලෝ පුරා පැවැත්වූ ප්‍රසංග මාලාවන්ටද ඇය සහභාගි වූවාය. ඔක්ලන්ඩ්, පර්ත්, සිඩ්නි නගරවල පැවැත්වූ එම ප්‍රසංගවලට ඇය දායක වූවේ ෂාරුක් ඛාන්, රාණි මුඛර්ජි, මධුරි ඩික්සිත් වැනි සුපිරි තරු සමගය. වතාවක රියැලිටි තරගයක් මෙහෙයවීමට එක්වූයේද ෂාරුක් සමගය. මේ සියල්ල වෙතින් ඇයගේ වත්කම් ගිණුමට මුදල් සාගරයක් ගලා ආ බව කිව හැකිය.

ආදර සබඳතා   

ජැකලීන්ගේ මනබඳනා රූ සපුවට තාරුණ්‍ය උමතුවෙන් මෙන් පෙම් බැඳි වග අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් ඒ හැමෝටම ජැකීගේ අහලකටවත් ලංවිය නොහැකිය. ඒ හැරත් ඇයට ලංවීමට නම් බලවත් චරිතයක් විය යුතුය. ලෝක තරුවකගේ ස්වභාවය එයම වේය. බහරේනයේ රජ පවුලේ කුමාරයකු සමග ඇය පෙමින් බැඳී සිටි වග 2008 සිට ආරංචි පැතිරිණි. ඒ පෙම් පලහිලව්ව 2011දී පමණ නිම වූ බවටත් පුවත් පළවිණි. ඇයගේ ප්‍රථම බොලිවුඩ් චිත්‍රපටය වන ඇලඩින් නිසා රිතේෂ් දේශ්මුක් සමග සමීපව ඇතැයි සමහරු විශ්වාස කළේය. කෙසේ වෙතත් චිත්‍රපට අධ්‍යක්ෂ සජීදි බොන් සමග ප්‍රේමණීය සම්බන්ධයක් තිබූ බවට ද මහ ඉහළින් රාවයක් ගියේය. ‘‘සල්මාන් ඛාන්’’ ජැකී හට මුම්බායිහි සුපිරි මහල් නිවාසයකට අයත් නිවසක් ත්‍යාග කළ බවටද පුවත් පළවිණි. මෑතකදී ඇය පෙමින් වෙලී සිටින්නේ සිද්ධාර්ත් මල්හෝත්‍රා සමග යැයි විවිධ පුවත් පළවිණි. කෙසේ වෙතත් මේවායෙහි ඇත්ත-නැත්ත දන්නේ, සුරූපී ජැකීම පමණකි. අද ඇයගේ වයස අවුරුදු 36කි. ඇය තවමත් පෙම්වතියක්ද? නැතිනම් ඇය විවාහ වන්නේ කා සමගද? ඒ ගැන 2022 නිමාවට පෙර ඇය ලෝකයට කියාවි. කොහොමටත් ජැකී තමාගේ පුද්ගලික දේ ලෝකයට කීමට අකමැති චරිතයකි. ඇය පවුලට වඩාත් ලැදි චරිතයක් වන අතර, පවුලේ අයගෙන් කාර්යබහුලත්වය නිසා වෙන්ව සිටීමට සිදුවීම ඇයට ගෙන දෙන්නේ කනස්සල්ලකි.   

සත්ත්ව කරුණාව   

සතුන්ගේ සදාචාරාත්මක සැලකීම උදෙසා මිනිසුන් හෙවත් ‘‘PETA’’ යන කෙටි නාමයෙන් සමන්විත සංවිධානයේ ඇය ප්‍රබල චරිතයකි. සත්ව හිමිකම් උදෙසා නිරන්තරයෙන් කටයුතු කරන චරිතයකි. මෙනිසාම PETA සංවිධානය 2014දී වසරේ කාන්තාවට හිමි සම්මානය පුද කළේ ජැකලීන් හටය. අඩු ආදායම්ලාභී ළමුන්ගේ ප්‍රාථමික අධ්‍යාපනික කටයුතු නංවාලීම උදෙසා ද ඇය කටයුතු කරන්නීය.

   
ජැකලීන්ගේ ව්‍යාපාර මොනවාද?   

රංගනයෙන්, නිරූපණයෙන්, විවිධ වෙළෙඳ ප්‍රචාරක ගිවිස ගැනීම්, ප්‍රසංග ආදී ඉසව් ඔස්සේ ධනය උපයන අතරේ, ජැකලීන්, මුලින්ම ඇය මෙරටදී දර්ශන් මුනිදාස සමග එක්ව ‘‘කෑම සූත්‍ර’’ අවන්හල් කීපය ඇරඹීමට දායක විය. අද එහි පැවැත්ම කෙසේ දැයි කිව නොහැකිය. එහෙත් 2017දී ‘‘ජැකී’’ ඉන්දීය බීම සමාගමක් වන රාක්යන් (Rakyan) බෙවරේජ් සමාගම වෙනුවෙන් ඩොලර් මිලියන ගණනක් ආයෝජනය කළ බව සඳහන්ය. එමෙන්ම රූපලාවන්‍ය සමාගමකටද ඇය ආයෝජනය කළ බව සඳහන් වේ. ක්‍රියාශීලී හෙවත් ක්‍රීඩාශීලිත්වයට ලැදි විලාසිතා නිර්මාණයක් ලෙස ‘‘Justf’’ යන විලාසිතා නාමය පසුගියදා ඇය විසින් හඳුන්වා දුන් බව ඉන්දීය පුවත් වාර්තා කර තිබිණි. ​ඉන්දීය රුපියල් 1000 සිට 3000 දක්වා මිල ගණන්වලදී එම විලාසිතා අලෙවි වේ.   
‘‘මට හිතෙන විදියට මම දකින විදියට ශාරීරික යෝග්‍යතාවය අගයන කාන්තාවන් වෙනුවෙන් මෙවැනි විලාසිතා නාමයක් හඳුන්වා දීමට හැකිවීම මා ලද භාග්‍යයක්. එය ​ඉන්දියාව පුරා විසිරී සිටින තරුණ කාන්තා ප්‍රජාව වැලඳ ගනීවි කියා මා සිතනවා.’’   

තම විලාසිතා නාමය හඳුන්වා දුන් දින ජැකී ප්‍රකාශ කර සිටියේ එලෙසිනි. හෙට දින සුරූපී ජැකී තව තවත් ආයෝජනය කරාවි.   

ජැකලීන්ගේ විදිය   

ජැකලීන් වඩාත් ආසා කරන සත්වයා කවුද? ඇය වඩා ආසා කරන්නේ අශ්වයින්ටය. අශ්වයින් හට ඇය දක්වන්නේ පුදුමාකාර ආදරයකි.   

එහෙව් වූ ‘‘ජැකී’’ තම ශාරීරික යෝග්‍යතාවය ගැන දක්වන්නේ පුදුමාකාර උනන්දුවකි. ඒ වාගේම කැපවීමකි. තම සිරුරේ නම්‍යශීලිත්වය සහ ක්‍රියාශීලිත්වය වෙනුවෙන් ඇය බොහෝ ක්‍රියාකාරකම්වල යෙදෙන අතර, සතියට 5 වතාවක් යෝග ව්‍යායාම්වල යෙදෙන බව සඳහන් වෙනවා.   

සිරුර ගැන උනන්දු වන අතරේ, ඇය විවිධ ආහාරපානවලට වඩාත් ලැදි චරිතයකි. ඒ එකී ආහාර කෑමට පමණක් නොවේ. විවිධ ආහාර වට්ටෝරුවලට අනුව කෑම පිසීමට ද ඇය වඩාත් කැමතිය. ඒ අතරින් ඇය වඩාත්ම කැමති, ප්‍රංශ ආහාර වට්ටෝරුවලට සහ ශ්‍රී ලාංකීය ආහාරපානවලටය. සුරූපී ජැකී ශ්‍රී ලංකාව වෙනුවෙන් හෙට දින කුමක් කරාවිද? අනාගතයේදී අපට ඒ ගැන දැන ගත හැකි වේවි. බොලිවුඩ් තරුවලට උමතු වී සිටින ඉන්දියානු ප්‍රේක්ෂකයා බලා සිටින්නේ Attack, Vikrant Rona, Bachchan Pandey, Hari Hara Veeramallu, Cirkus, Ram Setu තිරගත වන තෙක්ය. 2022 ජැකලීන් ගැන ලෝකය පෙරට වඩා කතා කරන වසරක් වේවි.

පරිවර්තන සටහන : 
සඳුන් ගමගේ

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

පට්ට !

0

අවුල් වගේ !

0

හරි හිනා !

0

හම්මෝ !

0

මාර දුකයි !

0

මලපනිනව !

0

කුජීතයි !

0



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq