October 26, 2021

Ada Rata

All news in one location

ජාතික රෝහලේ හඳුනා නොගත් මළසිරුරු ගොඩගැසෙයි !



කොළඹ ජාතික රෝහ‍ලේ මෘත ශරීරාගාරය තුළ අනන්‍යතාවය තහවුරු කර නොගත් මළසිරුරු 20 ක් පමණ තිබෙන බව රෝහල් බළධාරීන් පවසනවා. මෙම මළසිරුරු පසුගිය මාස 03 ක පමණ කාලය තුළදී මියගිය පුද්ගලයන්ගේ බවයි වාර්තා වන්නේ.

එක් කාන්තා මළසිරුරක්ද ඒ අතර වන බවයි බළධාරීන් සඳහන් කරන්නේ.

මෙම මළසිරුරුවල අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර පොලිස් ස්ථාන දැනුවත් කර තිබෙනවා.

අනන්‍යතාවය තහවුරු කර ගන්නා මළසිරුරු ඔවුන්ගේ ඥාතීන් වෙත භාරදීමට නියමිත අතර එසේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට අසමත් වන මළසිරුරු රජයේ වියදමින් භූමදානය කිරීමට කටයුතු කරන බවයි රෝහල් බළධාරීන් පවසන්නේ.

UN




Source link