November 29, 2021

Ada Rata

All news in one location

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ


මධ්‍යම කදුකරයට තව දුරටත් කඩින් කඩ තද වැසි ඇතිවන බව අප වාර්තාකරු සඳහන් කරනවා.
කර තිබෙනවා.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ වැසි ඇදහැලෙන අතර අධික වර්ෂාව හේතුවෙන් ජන ජිවිතයට ගැටළු රැසක් මතුවී තිබෙනවා.

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්න වි ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවරුන් පැවසුවා.

විමලසුරෙන්ද්‍ර ජලාශය තව දුරටත් වාන් දමන අතර කැනියොන් සහ ලක්ෂපාන යන ජලාශ වල වාන් දොරටු තුන බැගින් විවෘත කර තිබිම නිසා කැළණි ගගේ ජල ම්ට්ටම තරමක් ඉහල ගොස් තිබෙනවා.

හැටන් නුවරඑලිය හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයෙත් ස්ථාන කිහිපයක පස් කදු කඩා වැටිම නිසා පස් කදු කඩා වැටුණු ස්ථානයේ රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කර තිබෙනවා.

අධික වර්ෂාවත් සමග හැටන් නුවරඑලිය සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම ඝන මිදුම් තත්ත්වයක් පැවතිම නිසා රථ වාහන ගමනා ගමනයට තරමක බාධා පැමිණ තිබෙනවා. (colombotimes.lk)

Viber



Source link