October 27, 2021

Ada Rata

All news in one location

ජලයත් සමඟ නීති විරෝධී සෙල්ලම් කළොත් වැඩ වැරදී


ජලය හා ජලාශ්‍රිතව සිදුවන විවිධ නීති විරෝධී ක්‍රියාවන් නතර කිරීම සඳහා “දියමත විශේෂ මෙහෙයුම් ඒකකය” ලෙස නව ඒකකයක් පිහුටුවීමට ශ්‍රී ලංකා පොලීසිය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන පරිදි ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් 16ක් යොදාගෙන මෙය නිර්මාණය කර ඇති බව සඳහන් වෙනවා.

මෙම බලකාය විවිධ ප්‍රදේශ වල ක්‍රියාත්මක වන අතර එම නිලධාරීන් සියලුම දෙනාට එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනය හා ශ්‍රී ලංකා මෝටර් බෝට්ටු සංගමයේ සහයත්, බෝට්ටු පුහුණුවත් ලබා දී ඇති බව සඳහන්.(Colombo Times)

The post ජලයත් සමඟ නීති විරෝධී සෙල්ලම් කළොත් වැඩ වැරදී appeared first on Colombo Times.



Source link