October 18, 2021

Ada Rata

All news in one location

ජනාධිපතිතුමා වැඩ කරන්නෙ ඊළඟ ඡන්දෙ බලාගෙන නෙවෙයි



රටේ අනාගතය වෙනුවෙන්, මතු පරපුරේ ආරක්ෂාව වෙනුවෙන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ක්ෂණිකව හෝ වෙනත් අයගේ කීමට හෝ තීන්දු තීරණ නොගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. ජනාධිපතිවරට තීන්දු තීරන ගන්නේ රටට තිබෙන ආදරය නිසා බවද ඇමතිවරයා පවසනවා.

සාම්ප්‍රදායික දේශපාලනඥයන් ඊළඟට පැමිණෙන මැතිවරණය ඉලක්ක කර ගනිමින් කටයුතු කළද සාම්ප්‍රදායික දේශපාලඥයෙකු නොවන ජනාධිපතිවරයා ඊළඟ මැතිරවණය ඉලක්ක කරමින් කටයුතු නොකරන බවත් ඊළඟ මැතිවරණයේදී ජනතාවගෙන් කුමන ප්‍රතිචාර ලැබුණද රට වෙනුවෙන් නිවැරදි තීන්දු ගන්නා බවත් වීරසේකර මහතා පෙන්වා දෙනවා.

ඇමතිවරයා මෙම අදහස් පළකළේ කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් නිළධාරීන් සහ ගොවීන් දැනුවත් කිරීම සඳහා කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙදී පැවති උත්සවයකට සහභාගි වෙමිනි.

රසායනික පොහොර ආනයනය අත්හිටුවා කාබනික පොහොර භාවිතයට ගොවියා පුරුදු කිරීමේ වැඩපිළිවෙලද රට ගැන සිතා ජනාධිපතිවරයා විසින් ගත් නිවැරදි තීරණයක් බව පෙන්වා දෙන සරත් වීරසේකර මහතා පවසන්නේ එය හදිසි තීරණයක් නොව හොඳින් සිතා බලා ගත් තීරණයක් බවයි.

කාබනික පොහොර භාවිතය හේතුවෙන් දෛනිකව වකුගඩු රෝගීන් පිළිකා රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වන බවත්, අනාගත පරපුර එවැනි ව්‍යසනවලින් බේරා ගැනීම ජනාධිපතිවරයාගේ අරමුණ බවත් වීරසේකර මහතා පවසනවා. ඒ නිසා රටේ ජනතාව සියලු දෙනාම ඒ සඳහා ජනාධිපතිවරයාට උපරිම සහයෝගය ලබාදිය යුතු බව ඇමතිවරයා අවධාරණය කරයි. 

UN




Source link