December 4, 2021

Ada Rata

All news in one location

“ජනරැළිය පවත්වන්නේ දුක්විඳින ජනතාව දුකෙන් මුදවන්නට” – සජිත් ප්‍රේමදාස


සමගි ජන බලවේගයේ විරෝධතා රැළිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂයේ නියෝජිතයන් රැසකගේ ද සහභාගීත්වයෙන් අද (16) කොළඹදී පැවැත්වුණා.

නමුත් මෙම විරෝධතාවට ජනතාව කැඳවීමට එරෙහිව පොලිසිය ඉල්ලා තිබූ වාරණ නියෝග ඇතැම් අධිකරණවලින් ප්‍රතික්ෂේප කර තිබූ අතර තවත් අධිකරණ කිහිපයකින් එකී බල ප්‍රදේශයට අදාළව වාරණා නියෝග නිකුත් කර තිබුණා.

විරෝධතාවට පැමිණෙන තැනැත්තන්ට තම පළාත් මාඉම් පසුකර පැමිණීමට ඉඩනොදිය යුතු බවට පොලිස්පතිවරයා ඊයේ (14) නියෝගයක්ද නිකුත් කර තිබූ අතර, ඒ අනුව උද්ඝෝෂණයට සහභාගිවීම සඳහා සෙසු පළාත්වල සිට ජනතාව පැමිණි බස්රථ පොලිස් මාර්ග බාධකවලදී යළි හරවා යැවීමට පොලිසිය අද උදෑසන පියවර ගෙන තිබුණා.

කෙසේ නමුත් අද කොළඹදී පැවති විරෝධයේදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ රටේ දුක්විඳින ජනතාව දුකෙන් මුදවන්නට මෙන්ම මේ රට තුළ ඒකාධිපතීත්වයකට ඉඩ නොදීමට වගබලා ගන්නා බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ කතා කිරීමේ නිදහස තිබෙන බවත් මාතෘ භූමිය, ගරා වැටෙන ආර්ථිකය, කඩා වැටෙන ජන සමාජය, යළිත් වරක් ගොඩනගමින් මේ රටේ පොදු ජන ආණ්ඩුවක් බිහිකරන බවත් ඔහු සඳහන් කළා.

කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලය අසලට එක් රැස් වූ පක්ෂ නියෝජිතයින් හා ජනතාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාගමන ආරම්භ කළ අතර කොල්ලුපිටිය මංසන්ධිය දක්වා ගමන් කර තිබෙනවා.

පසුව ගාලුමුවදොර පිටිය දක්වා පැමිණි උද්ඝෝෂකයින් ප්‍රධාන ජනහමුව ගාලුමුවදොර අසල දී පවත්වා තිබෙනවා. (colombotimes.lk)

Viber



Source link