November 30, 2021

Ada Rata

All news in one location

ජනපති සුරතින් දැයට දායාද කළ ජාතික ආරක්ෂක විද්‍යාලය



ගාලුපාරේ, කොළඹ 03 පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයට අයත් දිගු ඉතිහාසයක් ඇති “මුම්ටාස් මහල්” ගොඩනැඟිල්ලේ ස්ථාපනය කරන ලද  “ජාතික ආරක්ෂක විද්‍යාලය පසුගියදා  අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් දැයට දායාද කරන ලදී.
           
ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා රාජ්‍ය අංශයේ ඉහළ තනතුරු දරන විධායක නිලධාරීන්ට ජාතික ආරක්ෂාව හා ක්‍රමෝපායික අධ්‍යයනය සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් මෙරට ස්ථාපිත ප්‍රථම හා උසස් ම අධ්‍යයන හා පර්යේෂණ ආයතනය මෙයයි.

රාජ්‍ය තාන්ත්‍රිකභාවය හා රාජ්‍ය ප්‍රතිපත්ති අංශයන්හි උපායමාර්ගික චින්තකයින් සහ නායකයින් බිහි කිරීම 

මෙහෙවර කොටගත්  ජාතික ආරක්ෂක විද්‍යාලයේ ප්‍රධානියා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේන මහතා කටයුතු කරන අතර මෙහි  විෂය නිර්දේශ කමිටුවේ සම්පත් දායකයන් ලෙස කොළඹ විශ්වවිද්‍යාලය, සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, ඕස්ට්‍රේලියානු ආරක්ෂක පුහුණු විද්‍යාලය, ඇමරිකාව හා පකිස්ථානය යන රටවල විශේෂඥයෝ කටයුතු කරති.

එමෙන්ම මෙහි අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයක් ඉදිකිරීමට චීන රජයද   පුස්තකාලයක් ඉදිකිරීමට පකිස්ථාන රජයද  දායකත්වය සපයා ඇති අතර පුස්තකාලය සඳහා පොත් ලබා දීම ඕස්ට්‍රේලියානු රජය හා ත්‍රිවිධ හමුදාව විසින් සිදු කර තිබේ

මෙහි ප්‍රථම පාඨමාලාව 12.11.2021 සිට 2022 අගෝස්තු මාසය දක්වා මාස 10ක කාලයක් පූර්ණ කාලීනව පැවැත්වේ. ඊට ත්‍රිවිධ හමුදාවේ නිලධාරීහු 27 දෙනෙක් සහ පොලීසියේ
නිලධාරීහු 04 දෙනෙක් තෝරාගෙන සිටිති.

“ජාතික ආරක්ෂක විද්‍යාලයේ  ප්‍රධාන ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිතුමා අධ්‍යයන පහසුකම් නිරීක්ෂණය කළේය. අනතුරුව “ජාතික ආරක්ෂක විද්‍යාලයේ” නිල වෙබ් අඩවිය එළිදැක්වීමද එතුමා  අතින් සිදු කෙරිණ.

ශ්‍රී ලංකාවේ “ජාතික ආරක්ෂක විද්‍යාලය” පිහිටුවීම දිගුකාලීන අවශ්‍යතාවක ඉටු වීමක් බව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා උත්සව සභාව අමතමින් සඳහන් කළේය. ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ට ක්‍රමෝපායික අධ්‍යාපන අවස්ථා ලබා ගැනීම සඳහා විදේශ අධ්‍යාපන ආයතනවල පවතින අවස්ථා සෙවීම හැර වෙනත් විකල්පයක් නො තිබිණ.

සෑම වසරක ම මිත්‍ර ජාතීන් පිරිනමනු ලබන පාඨමාලා නිලධාරීන් කිහිපදෙනෙකුට විශාල ප්‍රතිලාභයක් සැලසුව ද, තවත් බොහෝ පිරිසකට අවස්ථාව අහිමි වූ බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. එම නිසා මෙම විද්‍යාලය පිහිටුවීමෙන් සෑම වසරක ම එවැනි අත්දැකීම් ලැබිය හැකි ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරීන් සංඛ්‍යාව විශාල ලෙස වැඩි වේ. මෙම පාඨමාලාව හදාරන නිලධාරීන්ට ඉදිරියේදී ජ්‍යෙෂ්ඨ ආඥාපති තනතුර දැරීමට මෙන් ම හමුදාපති තනතුර

දැරීමට ද අවස්ථාව උදාවිය හැකි බව ජනාධිපතිතුමා පැවසීය.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු, ත්‍රිවිධ මුදාපතිවරු, පොලිස්පති,
විශ්වවිද්‍යාල කුලපතිවරු සහ උපකුලපතිවරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියහ.

තේමිය Facebook
Sponsored Article




Source link