October 25, 2021

Ada Rata

All news in one location

ජනපති නිසා ලංකාවට ජාත්‍යන්තර අපකීර්තියක්


සයිනෝෆාම් එන්නත හදිසි භාවිතය අනුමත කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ගත් තීරණයට ජනාධිපති රාජපක්ෂ බලපෑම් කළ බවට කරන ප්‍රකාශ ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතික්ෂේප කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත ලැයිස්තුගත කිරීම සාමාන්‍යයෙන් නිම කිරීමට මාස දෙක තුනක කාලයක් ගත වන අතර එන්නත සංවර්ධකයින් විසින් ඉදිරිපත් කරන ලද දත්තවල ගුණාත්මකභාවය පදනම්ව අවසර දීම සිදුකරන මෙම ක්‍රියාවලිය වඩාත් සංකීර්ණ වන අතර ඒ සඳහා වැඩි කාලයක් ගතවේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද චීන සිනොෆාර්ම් එන්නත සඳහා වන ගෞරවය ශ්‍රී ලංකාව විසින් ලබාගෙන තිබුණි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් ඇඩ්නම් සමඟ ජනාධිපති රාජපක්ෂ සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම එන්නත අනුමත කර ඇති බව ජනාධිපති ප්‍රකාශක කිංස්ලි රත්නායක මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

පසුගිය සිකුරාදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ “සූම්” හරහා ජනාධිපති රාජපක්ෂ කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස එදිනම සවස ලෝක සෞඛ්‍ය සංවිධානය “සීනෝෆාර්ම්” එන්නත හදිසි භාවිතය සඳහා අනුමත කළේය කිංස්ලි රත්නායක නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ ඔවුන්ගේ ජාතික රෙගුලාසි හා නීතිවලට අනුකූලව ඕනෑම සෞඛ්‍ය නිෂ්පාදනයක් සඳහා හදිසි භාවිත අවසර ලබා දීමට රටවල්වලට ස්වයං පාලනයක් ඇති බවයි.

“දේශීය හදිසි භාවිතයට අවසර ලබා දී ඇත්තේ රටවල්වල අභිමතය පරිදි වන අතර එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියට යටත් නොවේ” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේය.

The post ජනපති නිසා ලංකාවට ජාත්‍යන්තර අපකීර්තියක් appeared first on | Sri Lanka Hot News.



Source link