October 18, 2021

Ada Rata

All news in one location

ජගත් කුමාරට පොහොට්ටුවෙන් විනය පරීක්ෂණ



මාධ්‍ය හමුවක් පවත්වමින් කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු විවේචනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් කැඳවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසන්නේ, මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය කිසිසේත්ම අනුමත නොකරන බවයි.

තම පක්ෂයේම මැති ඇමතිවරුන් විවේචනය කිරීමෙන් ඔහු පක්ෂයේ විනය කඩ කර ඇති බවත්, ඒ නිසා ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කිරීමට පක්ෂය තීරණය කළ බවත් ලේකම්වරයා පවසනවා. පක්ෂයේ විනය කමිටුව රැස් වී ඒ පිළිබඳව තීරණය කරන බවයි ඔහු පවසන්නේ.

ජගත් කුමාර මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් සරත් වීරසේකර සහ ගාමිණී ලොකුගේ අමාත්‍යවරුන් විවේචනය කළ අතර ඔහු සඳහන් කළේ එම අමාත්‍යවරුන්ගේ මැදිහත්වීමෙන් පාදුක්ක පොලීසිය ස්ථානාධිපතිවරයා ලෙස දේශපාලන හිතවතෙකු පත්කර ඇති බවයි. මේ බව පවසමින් ඔහු පාදුක්ක ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්විය.

UN




Source link