October 19, 2021

Ada Rata

All news in one location

ජංගම දුරකතන විශාල ලෙස මිල වැඩිවෙනවා.. දුරකතන හිග වෙනවා..


September 12, 2021 at 12:02 am |

ජංගම දුරකතන විශාල ලෙස මිල වැඩිවෙනවා.. දුරකතන හිග වෙනවා..- Apple ශ‍්‍රී ලංකාවේ බලයලත් බෙදුම්කරු

ඉදිරියේ දී අඩු මිලට ජංගම දුරකථන කිසිසේත්ම මිලට ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි මෙරටට ඇපල් ජංගම දුරකථන නිල ලත් බෙදාහරින්නා වන GENXT ආයතනය ප්‍රධානී රජීව් ගුණරත්න මහතා සඳහන් කරයි.

පනවා ඇති නව සීමාවන් හේතුවෙන් වෙළඳපොලේ ජංගම දුරකථන ඉතා හිඟ වනු ඇති බවත් ඒ හරහා මිල විශාල වශයෙන් ඉහල යනු ඇති බවත් ඔහු කියා සිටී.

එමෙන්ම මහා පරිමාණ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු පමණක් ඉතිරිවී කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් බිඳවැටෙනු ඇති බවද ඔහු පැවසීය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

665 views



Source link