October 28, 2021

Ada Rata

All news in one location

චීන “සයිනොෆාම්” එන්නතේ පළමු මාත්‍රාව අද ලැබෙන අය මෙන්න


චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් (Sinopharm) එන්නතේ පළමු මාත්‍රාව අද (09) කළුතර හා කොළඹ නාගරික සීමාවේ තෝරාගත් ප්‍රදේශවල ජනතාවට ලබාදෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඊයේ දිනයේ පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් එන්නත්කරණය ආරම්භ කළ බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළා.

අද දිනයේ නාරාහේන්පිට ප්‍රදේශයේ හඳුනාගත් ස්ථානවල සයිනොෆාම් එන්නත් ලබා දීම සිදුකරන බවයි කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාඥ දිනූකා ගුරුගේ මහත්මිය ප්‍රකාශ කළේ.

ඊයේ දිනයේ කොළඹ ජින්තුපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාවට සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම සිදු කළ බව ද ඇය සඳහන් කළා. (Colombo Times)



Source link