November 30, 2021

Ada Rata

All news in one location

චීන පොහොර සමාගම ඩොලර් මිලියන 08 ක් ඉල්ලා එන්තරවාසි යවයි



චීන පොහොර සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 08 ක් ඉල්ලා ජාතික ශාඛ නිරෝධායන සේවය වෙත එන්තරවාසි එවා ඇතැයි එම ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ, ආචාර්ය ඩබ්.ඒ.ආර්. වික්‍රමාරච්චි මහතා පවසනවා. චීන සමාගමේ කාබනික පොහොර සම්බන්ධයෙන් ජාතික ශාඛ නිරෝධායන සේවය නිකුත් කළ පරීක්ෂණ වාර්තා අභියෝගයට ලක් කරමින් මෙසේ එන්තරවාසි එවා තිබේ.

ශාඛ නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂවරයා පවසන්නේ පොහොර සම්බන්ධයෙන් වාර්තා නිකුත් කළේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව බවයි. එමනිසා එම වාර්තා සම්බන්ධයෙන් කිසිදු සැකයක් නොමැති බවද ඒ මහතා පවසනවා.

අහිතකර පලිබෝධ රටට ඇතුළුවීම වැළැක්වීම සඳහා තම ආයතනයට ඉතා දැඩි වගකීමක් තිබෙන බවත්, තම ආයතනයේ කටයුතු සිදු කිරීමේදී ඉතා වගකීමෙන් කටයුතු කරන බවත්, අදාල ආනයන ද්‍රව්‍ය පැමිණෙන්නේ මොන රටෙන්ද මොන සමාගමෙන්ද යන්න අදාල නොවන බවත් වික්‍රමාරච්චි මහතා සඳහන් කරනවා.

UN




Source link