November 30, 2021

Ada Rata

All news in one location

චීන පොහොර තොගයේ අහිතකර බැක්ටීරියා කිසිවක් නෑ



ජාතික ශාක නිරෝධායන ආයතනය මඟින් අහිතකර බැක්ටීරියා අඩංගු යැයි ප‍්‍රතික්ෂේප කරන ලද චීනයෙන් ගෙන්වූ කාබනික පොහොර තොගයේ එබදු අහිතකර බැක්ටීරියා කිසාවක් නැති බව, තුන්වන පාර්ශ්වයක් විසින් තහවුරු කර ඇතැයි වාර්තා වෙයි. 

Schutter Global Inspection and Survey Company නම් ආයතනය මෙම සහතිකය ලබා දී තිබේ. 

එම  වාර්තාවට අනුව ඔවුන් පරීක්ෂා කරන ලද සාම්පලයේ සල්මනෙල්ලා, කෝලිෆෝම් හෝ වෙනත් අහිතකර බැක්ටීරියා කිසිවක් අඩංගු නැති බව තහවුරු කර ඇත. 

ISO 4832-2006 අනුව පරීක්ෂණ සිදු කර ඇති බවද දක්වා තිබේ. 

කෙසේවෙතත් මෙරට ජාතික ශාක නිරෝධායන ආයතන විසින් මෙම පොහොර තොගය භාවිතයට නුසුදුසු බව ප්‍රකාශ කර තිබෙන අතර එම ප්‍රතික්ෂේප කිරීම චීනය දිගින් දිගටම බැහැර කරමින් සිටියේය.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට චීන තානාපතිවරයා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රජය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව ගෙන්වා සාකච්ජාවක්ද පවත්වා තිබුණි.

තුන්වන පාර්ශවයක් විසින් එම පොහොර සාම්පල යළි පරීක්ෂා කිරීමට එකඟ වී තිබුණේ එම සාකච්ජාවේදීය. 

කෙසේවෙතත් පොහොර සාම්පල තෙවන පාර්ශ්වයකට ලබා දී පරීක්ෂා නොකරන බවත්, නැව ආපසු හරවා යවන බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා පවසා තිබුණු අතර ඊයේ දිනය වන විටත් ආණ්ඩු පාර්ශවයෙන් අවධාරණය කළේ එම පොහොර තිගය මෙරටට ඇතුල් කර නොගන්නා බවයි. 

 ASK 




Source link