October 18, 2021

Ada Rata

All news in one location

චීන එන්නත් මාත්‍රා දෙකම ගත් වැඩි දෙනෙකුට යළි කොරෝනා වැළඳිලා


සීෂෙල්ස් දූපත් රාජ්‍යයේ, කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් අයගෙන් තුනෙන් එකකට, කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

සීෂෙල්ස් රාජ්‍යයේ සියයට 57 කට චීනයේ ‘සයිනෝෆාම්’ එන්නතේ මාත්‍රා දෙකම ලබා දී අවසන් වන අතර, සියයට 43 කට ‘ඇස්ට්‍රාසෙනකා’ එන්නත ලබා දී තිබේ

ප්‍රතිශතයක් වශයෙන් ‘සයිනෝෆාම්’ සහ ‘ඇස්ට්‍රාසෙනකා’ එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් සියයට 37 ක පිරිසකට ‘කොවිඩ් 19’ ආසාදනය වී ඇති බව සීෂෙල්ස් සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය අප්‍රේල් 30 වැනිදා එන්නත් දෙකම ලබා ගත් 120 දෙනකු ආසාදිතයන් ලෙස හඳුනා ගැණුනු අතර, මැයි 8 වෙද්දී, ආසාදිතයන් ගණන 314 තෙක් ඉහළ ගියේය.

එන්නත්කරණය සහ ආසාදිතයන් වාර්තා වීම සම්බන්ධයෙන් සියලු දත්ත, තම සෞඛ්‍ය බලධාරීන්, ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කර ඇති බව සීෂෙල්ස් රජය පවසා තිබේ.





Source link