November 29, 2021

Ada Rata

All news in one location

චීනයේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය නැවක් හම්බන්තොට වරායට ඇවිත්


විකිරණශීලී ද්‍රව්‍ය සහිත චීන නෞකාවක් අඟහරුවාදා රාත්‍රියේ හම්බන්තොට වරායට ඇතුළු වී තිබේ. කෙසේ නමුත් නෞකාව වහාම පිටත වරායට යන ලෙසට වරාය බලධාරීන් විසින් දැනුම් දී තිබේ.

තාක්‍ෂණික දුෂ්කරතාවයක් හේතුවෙන් මෙම නෞකාව හම්බන්තොට වරායට ඇතුළු වී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය පැවසුවේ නෞකාව චීනය බලා යමින් සිටියදී තාක්ෂණික දුෂ්කරතාවයකට මුහුණ දී හම්බන්තොට වරායට ඇතුළු ව තිබේ.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය පැවසුවේ නෞකාව වරායට ඇතුළු වන විට එහි ඇති ද්‍රව්‍ය පිළිබඳව වරාය බලධාරීන් නොදැන සිටි බවයි. යාත්‍රාවේ කිසිදු භාණ්ඩයක් මුදා නොගන්නා ලෙස නැවට උපදෙස් දී තිබේ.

පරමාණුක බලශක්ති මණ්ඩලයේ කණ්ඩායමක් වහාම හම්බන්තොට වෙත යවා ඇති අතර නෞකාවේ ඇති අන්තරායකර ද්‍රව්‍යවලින් ශ්‍රී ලංකාවට ක්ෂණික තර්ජනයක් නොමැති බවත් සඳහන් වේ.

ජනාධිපති ගෝතබයා රාජපක්ෂ මහතා සිද්ධිය පිළිබඳව දැනුවත් කර ඇති අතර වරාය කළමනාකරණය කරන්නේ චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් විසිනි.





Source link