January 25, 2022

Ada Rata

All news in one location

චමල්ට තරහා යන්නේ ගෝඨාභය ෆේල් නිසාද ? – Nawabima.LK


මට මේ පහුගිය දවස් වල සමාජයේ කරලියට මාතෘකා ටික දිහා බැලුවම හිතුණ දෙයක් තියෙනවා.
සාමාන්‍යයෙන් පුවත් මවන්නෙක් විදියට නොසැලකුණු චමල් රාජපක්ෂ මහත්තයා ළඟ ළඟ සිදුවීම් කිහිපයකම ප්‍රවෘත්ති නිර්මාණය කරන්නෙක් වුණා. මේක අහම්බයක් කියලා මට නම් හිතන්නෙම නෑ.

ටික දවසක් තිස්සෙ මේක නිරීක්ෂණය කරත් අද පාර්ලිමේන්තුවේ වෙච්ච සිද්ධිය එක්ක මේක ලියන්නම ඕන හිතුණා.
ඇත්තටම කිව්වොත් මම මගේ ජීවිත කාලෙටම හිතුවෙ නැහැ “අයිසේ”, “තමුසේ”, “බූරුවා”, “වරෙන් එළියට බලාගන්න” , ශබ්දය පිට නොකරමින් කියූ වචන ඇතුළු දේවල් හිටපු කථානායක චමල් රාජපක්ෂ මැතිතුමාගෙන් පාර්ලිමේන්තුව ඇතුළෙදි අහන්න හම්බෙයි කියලා.

ගොඩක් දෙනෙක් කියපු කතාවක්නෙ රාජපක්ෂ වරුන්ගෙන් වැදගත්ම මනුස්සයා චමල්‍ රාජපක්ෂ කියලා.
අනික අපිට මතකයි එතුමා කථානායක ධූරය දරන සමයේ එවකට අවශ්‍ය වෙච්ච ගමන් බව් බව් ගාන්නම තියන් හිටපු රාජපක්ෂවරුන්ගේ හුරතලා වෙච්ච මර්වින් සිල්වට එහෙම “මේක ළමයි බලන් ඉන්නවා ඒ නිසා වැදගත් විදියට කතා කරන්න” කියලා එහෙම දීපු උපදෙස්.

අද පාර්ලිමේන්තුවේ චමල් රාජපක්ෂ මහත්තයා හැසිරුණු විදිය බලලා මර්වින් සිල්වා අධෝමුඛයෙන් හිනාවෙනවා ඇති.

මෙහෙම වෙන්න ඇත්තෙ ඇයි..??

මම දකින විදියට මේකට හේතු කිහිපයක් බලපාන්න පුළුවන්.

පළවෙනි එක තමයි ස්වභාවිකව සිද්ධ වෙන වයසට යාම එක්ක අපි හැමෝටම මුහුණ පාන්නට සිදුවෙන කල්පනාව අඩුවීම, ඉන්න තැන කරන දේ ගැන සිහියක් නොමැති වීම, මොළය සහ කට අතර සම්බන්ධය ටිකෙන් ටික අඩු වෙලා කිව යුතු සහ නොකිව යුතු දේවල් වෙන් කරගන්න නොහැකි වීම වගේ සාධාරණ කාරණාවක්.

දෙවෙනි හේතුව වෙන්න පුළුවන් දේ තමයි දේශපාලන හේතුවක්. මෙච්චර කාලයක් රාජපක්ෂ දේශපාලනය ගොඩ නැගිලා තිබුණේ මහින්ද රාජපක්ෂ කියන පතාක දේශපාලන පෞර්ෂය වටා. සරලව කිව්වොත් රාජපක්ෂ දේශපාලන අධිරාජ්‍යය බිහිකරේ මහින්ද රාජපක්ෂ. නමුත් අවංකවම අකමැත්තෙන් වුණත් පේන දේ තමයි මහින්ද රාජපක්ෂ මහතාට තමන් ගොඩනඟපු ඒ මහා දැවැන්ත දේශපාලන අධිරාජ්‍යය තමන්ගෙ ඇඟේ හයියෙන් තව දුරටත් පවත්වගෙන යන්න අමාරුයි කියන එක. මහින්ද කියන්නෙම ඇඟේ හයියෙන් දේශපාලනය කරපු නායකයෙක් නිසා මේක තවත් ටිකක් වැඩියෙන් බලපානවා වෙන්න පුළුවන්.

මහින්දගේ අනුප්‍රාප්තිකයා විදියට ගෙනාපු ගෝඨාභය ජනාධිපතිතුමා ඒකට කොයි තරම් දුරට සාධාරණයක් කරලා තියෙනවද කියන්න මං හිතන්නෙ අමුතුවෙන් මහා තර්ක ඕන නැහැනෙ.

දැන් මෙතන පිටට පේන්නෙ නැති දැවැන්ත අර්බුදයක් තියෙනවා.

එක පැත්තකින් මෛත්‍රී හිනාවෙමින් අත කොනිත්තමින් ඉන්නවා.

තව පැත්තකින් විමල් ඇතුළු කණ්ඩායම දවසක මහින්දගෙන් හිස් වෙන දේශපාලන හිඩැසේ තමන්ගේ කොටස බෙදාගන්න දැන්මම වෙන වෙන සෙල්ලම් හෙමින් හෙමින් කරමින් ඉන්නවා.

ගෝථාභයට මේ තත්වයන් කළමනාකරණය කරගන්න බැහැ කියන එක ඔප්පු වෙමින් යනවා.

මහින්ද දැන් වෙනකොට ලොකුවට මේවට මැදිහත් වෙන බවක් පේන්නෙත් නැහැ. එහෙම වෙනවනම් ආණ්ඩුව ඇතුළේ වුණත් එක එක්කෙනාට ඕන ඕන දේවල් අතන මෙතන සැරින් සැරේ තැනින් තැන වෙන්න විදියක් නෑ. සමහරවිට එදා තරම් ජවසම්පන්නව මේවට මැදිහත් වෙන්න එතුමට අමාරුත් ඇති.

බැසිල් කොයි තරම් දක්ෂයෙක් වුණත් මහජන සහය කියන කාරණාවෙදි බැසිල් ඉන්නෙ පිටි පස්සෙන්.
එතකොට ඉතුරු වෙන එකම මනුස්සය චමල්.

චමල්ගෙ නම වෙන කවරදාටත් වඩා වැඩි වැඩියෙන් උඩට මතු වෙන්න හේතුව මේ තත්වයන් වෙන්නත් පුළුවන්.
කොහොමත් රාජපක්ෂල කියන්නෙ අවස්ථානෝචිතව ඉස්සරහට දාන්න ඕන Card එක මොකක්ද පස්සට ගන්න ඕන Card එක මොකක්ද කියන එක සම්බන්ධ Theory එකේ කෙළ පැමිණි අය. ඒ සම්බන්ධව අසාර්ථකම වුණේ ගෝඨාභය.
Boyfriend තරහ වුණාම, බැනුමක් ඇහුවම Facebook එකේ Boot කාපු Posts, රැවටීම, වේදනාව ගැන Posts එහෙම Share කර කර තමන්ගෙ ප්‍රශ්න රට වටේ කියව කියව යන මෝඩ කෙල්ලෙක් වගේ තමන්ගෙ කප්පරක් ප්‍රශ්න වලටත් උත්තර නැතුව නන්නත්තාර වෙලා මිනිස්සුන්ට සතියක් ගානෙ තමන්ගෙ ප්‍රශ්න තමන් විසින්ම කිය කිය යන්න වුණේ ඒ නිසා.
අනිත් කාරණය තමයි ශෂින්ද්‍ර සාධකය. වෙන්න තියෙන සම්භාවිතාව ඉතාම අඩු වුණත් අමතක කරන්නම බැහැ එහෙන් ශෂින්ද්‍ර එහෙමත් පාර්ලිමේන්තුවට ඇවිල්ල ඉන්නෙ වැඩි සද්දයක් නැති වුණාට.

පුද්ගලිකව නාමල් සහ ශෂින්ද්‍ර කියන දෙන්නගෙන් මම පුද්ගලිකව කැමති නාමල්ට වුණාට (ශෂින්ද්‍රට කැමති වෙන්න තරම් දෙයක් තාම දැකලා නැති නිසා) පොදු ජනතාව අතරට අරන් ගිහිල්ලා නාමල් සහ ශෂින්ද්‍ර තරාදියකට දාල බැලුවොත් නාමල්ට වඩා බරක් ශෂින්ද්‍ර පැත්තෙ තියෙනවා කියලා හිතෙනව.

මහ රජතුමාගෙන් පස්සෙ ‍රජකම ඒ රජාගෙ පුතාට නැතුව ඒ රජාගෙ සහෝදරයට ගිහින් එතනින් පස්සෙ රජ උරුමය මුල් රජතුමාගෙ දරුවන්ට නැතුව මුල් රජතුමාගෙ සහෝදරයගෙ දරුවන්ට උරුම වෙලා මුල් රජතුමාගෙ දරුවන්ට බකන් නිලන් ඉන්න සිදුවුණු අවස්ථා නැත්තෙම නැහැ 😁

ඒ කොහොම වුණත් අවසානයේ කියන්නෙ චමල් රාජපක්ෂ කියන්නෙ පාර්ලිමේන්තුවේ ඔහොම හැසිරෙන්න ඕන මනුස්සයෙක් නෙවෙයි.

ඒ නිසා චමල් මහත්තයෝ මෙච්චර කල් හදාගත්ත නම්බුවක් තියෙනවනම් ඒක නැති කරගන්න එපා මර්වින්ලාගෙ මට්ටමට වැටිලා..!!! 🙏

– නීතිවේදී ප්‍රමිත් ගනේආරච්චි





Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq