December 4, 2021

Ada Rata

All news in one location

චන්දිමාල්-පියුමි හා පිරිවර නිරෝධායනය කලේ ‘හිරු සළකුණ’ බලපෑමෙන්ද…?


June 3, 2021 at 10:23 pm |

චන්දිමාල්-පියුමි හා පිරිවර නිරෝධායනය කලේ ‘හිරු සළකුණ’ බලපෑමෙන්ද…?

නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලී ඇතුළු පිරිස නිරෝධායනයට යොමු කරන ලද්දේ හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහනනේදී කල බලපෑමක් නිසා යයි එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා අදහස් පළ කරයි.

මෙම පිරිස නිරෝධායන කටයුතු සඳහා යොමු කරනු ලද්දේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ පූර්ව නිර්දේශ මත බවත් අධිකරණයට ඉදිරිපත් කර ඔවුනට ඇප ලබා දුන් දිනයේ එය සිදු කළ යුතු වුව ද එහි යම් ප්‍රමාදයක් වුවද පසුව එය නිවැරදි කළ බවත් අජිත් රෝහණ මහතා කියා සිටියේය.

චන්දිමාල් ජයසිංහ රෝහල්ගත වී සිටීම නිසා ඊයේ දිනයේ නිරෝධායන සඳහා යොමු කිරීමට නොහැකි වුවද අද පස්වරුවේ රෝහලෙන් නිරෝධායන මධ්‍යස්ථානය වෙත පිටත් කර යැවූ බව ද ඔහු පැවසීය.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවක දී ඒ මහතා මේ සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කර ඇත.

0 views



Source link