November 27, 2021

Ada Rata

All news in one location

චන්දිමාල්ගේ සාදයට සහභාගී වූ තවත් 06 දෙනෙකු අත්අඩංගුවට


චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි විසින් පසුගිය ඉරිදා සංවිධාන කළ සාදයට සහභාගී වූ තවත් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාන්තාවන් 03 දෙනෙකුද ඒ අතර වන බවයි පොලිසිය පැවසුවේ.

ඔවුන් අද දිනයේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

දැනට ලැබී ඇති තොරතුරු අනුව තවත් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් නිරෝධායන කටයුතු අදාළ ප්‍රදේශය භාර සෞඛ්‍ය නිලධාරීන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරෙන බවද අජිත් රෝහණ මහතා ප්‍රකශ කළා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව මේ වනවිට එම ගණන 21ක් දක්වා ඉහළගොස් තිබෙනවා. (colombotimes.lk)



Source link