December 4, 2021

Ada Rata

All news in one location

චන්දිමාල්ගේ පාටියට ගිය තවත් 06 ක් පොලිස් අත්අඩංගුවට



ප්‍රකට රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාගේ උපන් දිනය වෙනුවෙන් කොළඹ ප්‍රසිද්ධ හෝටලයක පැවති උපන් දින සාදය සඳහා සහභාගි වූ තවත් පුද්ගලයන් 06 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබනෙවා. පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ.

සංචරණ සීමා පනවා තිබියදී එම සීමා කඩකරමින් සහ නිරෝධාය නීති කඩ කරමින් මෙම සාදය පැවැත්වීම හේතුවෙන් මීට පෙර 15 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් ඇපමත මුදාහැරීමෙන් පසුව මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටී.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ මෙම සාදයට සහභාගි වූ තවත් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙන බවයි.

UN




Source link