November 29, 2021

Ada Rata

All news in one location

ගොවි ජනතාව ගැන පුදුම කරුණාවක් පහළ වෙලා තියෙන්නෙ ආණ්ඩුවට



කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය පොහොර ලබා දෙන්නැයි ඉල්ලා පොළොන්නරුව බකමූණ ප්‍රදේශයේ ගොවීන් උපවාසයක් ආරම්භ කර තිබෙනවා. උපවාසය ආරම්භ කර මේ වනවිට දින 05 ක් ගත වී ඇති අතර ඊට සහයෝගය පළකරමින් බකමූණ නගරය පුරා කලුකොඩි ඔසවා තිබෙනවා.

මෙම උපවාසය සඳහා මේ වනවිට ආගමික නායකයන්ගේ, දේශපාලන පක්ෂවල, ගොවි සංවිධාන රැසක සහයෝගය හිමිව තිබෙනවා. උපවාසයේ නිරතව සිටින‍ ගොවීන් හමුවීමට පැමිණි භික්ෂූන් වහන්සේලා ප්‍රකාශ කළේ රසායනික පොහොර එකවරම තහනම් කිරීම ආණ්ඩුව විසින් ගත් මහා වල්බූරු තීන්දුවක් බවයි.

ඇළහැර ගොවි ජනපද ව්‍යාපාරයේ වී වගාව සඳහා මේ වනවිට මොරගහකන්ද ජලාශයෙන් ජලය නිකුත් කිරීම ආරම්භ වී තිබෙනවා. කෙසේ නමුත් ගොවීන් පවසන්නේ ජලය නිකුත් කළද පොහොර ලබාදෙන තෙක් වගා කටයුතු ආරම්භ නොකරන බවයි. අවම වශයෙන් ජනවාරි මාසයේදී හෝ පොහොර ලබාදෙන බවට පොරොන්දු වන්නේ නම් වගා කටයුතු ආරම්භ කරන බව ගොවීන් සඳහන් කරනවා.

ඇළහැර ගොවී අයිතීන් සුරැකීමේ සංවිධානය පවසන්නේ ගොවීන් පොහොර ඉල්ලා උද්ගෝෂණ, උපවාස කරද්දී පොහොර ආනයනයෙන්ද ජාවාරම්කරුවන් මඩිය තරකර ගනිමින් සිටින බවයි. ආණ්ඩුවට ගොවීන් සම්බන්ධයෙන් හදිසියේම මහා සත්ව කරුණාවක් පහළ වී ඇති බවත්, ලබන අප්‍රේල්-මැයි කාලසීමාව වනවිට රටම සෝමාලියාවක් ඉතියෝපියාවක් වනු ඇති බවත් එම සංවිධානය පෙන්වා දෙනවා.

එවැනි අවාසනාවන්ත තත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා ආණ්ඩුව තවමත් ප්‍රමාද නොමැති බව පෙන්වා දෙන ඇළහැර ගොවි අයිතීන් සුරැකීමේ සංවිධානය පවසන්නේ දැන් හෝ පොහොර ආනයනය කර ගොවීන්ට ගොවිතැන් ආරම්භ කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙසයි.

UN




Source link