December 4, 2021

Ada Rata

All news in one location

ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසඳන්න මුදල් ඇමති එකඟ වෙයි



ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් අද (10) අගමැතිවරයාගේ සහ මුදල් ඇමතිවරයාගේ සහභාගීත්වයන්  පාර්ලිමේන්තුවේදී පැවති සාකච්ජාවේදී වැටුප් විෂමතාවයෙන් තුනෙන් එකක කොටස එකවර මෙවර අයවැය මගින් ගෙවීමට කටයුතු කරන බවට මුදල් ඇමතිවරයා ප්‍රකාශ කළ බව ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.

එම සාකච්ජාව සඳහා අගමැතිවරයා, මුදල් ඇමතිවරයා සහ තවත් ඇමතිවරු කිහිප දෙනෙක් මෙන්ම ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය නියෝජනය කරමින් වෘත්තීය සමිති නායකයින්ද සහභාගී වී ඇත.

කෙසේවෙතත් අයවැයට තවත් දින දෙකක් තිබෙන අතර අද ලබා දුන් පොරොන්දුව අයවැයේදී නිල වශයෙන් ප්‍රකාශ කරන්නේද යන්න ගැන බැලිය යුතු බවයි ජයසිංහ මහතා කියා සිටියේ.

මේ වන විට දින 120කට වැඩි කාලයක් ගුරු විදුහල්පති අරගලය අඛණ්ඩව ගෙන ගොස් තිබෙන අතර එය ජයග්‍රහණයකින් අවසන් කිරීමට හැකි වනු ඇති බව ද ඔහු සඳහන් කරන ලදී.

ASK 




Source link