November 29, 2021

Ada Rata

All news in one location

ගුරු විදුහල්පති වැටුප් අරගලයට සහය දක්වමින් සෙසු වෘත්තීය සමිති අද ලිප්ටන් වටරවුමට එක්වෙයි (PHOTOS)



ගුරු විදුල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයට සහය දක්වමින් සෙසු වෘත්තීය සමිතිද අද (09) ලිප්ටන් වටරවුම ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

අද දිනය ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කර තිබුණු අතර විශේෂයෙන් මාස තුනකට අධික කාලයක් තිස්සේ ගෙන යන ගුරු විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදාළව ඔවුන්ගේ වැටුප් ගැටලුව වහ විසදන ලෙස ආණ්ඩුවට මෙහිදී බල කෙරුණා.

ආණ්ඩුව පොරොන්දු වූ පරිදි එළඹෙන අයවැයෙන් ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට ඔවුන් ඉල්ලා සිටින විසඳුම දිය යුතු වන අතර එසේ නොවන්නේ නම් වෘත්තීය අරගලය දැඩි කරන බවයි වෘත්තීය සමිති අවධාරණය කළේ.

සියලුම ඡායාරූප නැරඹීමට මෙතැන click කරන්න

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න 




Source link