November 29, 2021

Ada Rata

All news in one location

“ගුරු වර්ජනය අදින් අවසන්” – පියල් නිශාන්ත


ගුරු විදුහල්පති ගැටළුව සදහා සාධනීය විසදුමක් වශයෙන් අදියර කීපයක් යටතේ ලබාදීමට යෝජනා කර තිබු ගුරු වැටුප් විශමතා ගැටළුවට, අදියර වශයෙන් නොව එකවර ලබා දීමට මෙවර අය වැයේදී යෝජනා කර තිබෙනවා.

මෙසේ සඳහන් කර ඇත්තේ ගරු අග්‍රාමාත්‍ය තුමනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (10) පැවති විශේෂ සාකච්චාවේදි වනවා.

මෙතෙක් අයවැයේදී අධ්‍යාපනය සදහා 6% ක මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබුනත්, මෙවර අය වැයේදී එය 7%කට වැඩි ප්‍රමාණයකින් වැඩි කිරීමටද යෝජනා වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එම සාකච්චාවේදී පවසා සිටි බව කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ප්‍රකාශ කළා.

එය ලබන වසරේ මුල් කාර්තුවේ සිටම ක්‍රියාත්මක කරන බවද සඳහන්ත්.

මේ සාකාච්චාවට අධ්‍යාපන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, ගුරු විදුහල්පති වෘත්තීය සංගම්, ගුරු වැටුප් විශමතා කමිටුව ඇතුළු පිරිසක් සහභාගී වූ බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

වෘත්තීය සමිති, රජය විසින් ගන්නා ලද මෙම තීරණයට විශේෂ ස්තුතියක් ද පළකර තිබෙන බවද කාන්තා හා ළමා සංවර්ධන ,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. (colombotimes.lk)

Viber



Source link