October 27, 2021

Ada Rata

All news in one location

ගුණබල තෙදින් නතු කළ හැටි නැත සීමා



නාඹර අපව නොවැටෙන්නට නිසරු වලේ 
ආදර හැඟුම, උණුසුම  දී  සියලු     කළේ 
කෑදර  නැතිව පිදු  තම  දේ  අවැසි    වෙලේ 
සාදර  පැතුම  ඔබමයි  අයියණ්ඩි       කුලේ 

එල්ලී  නොගිය මුත්  ඔබගේ   හුලැඟිල්ලේ 
මල්ලී  කියා  අත දී     ගී       අරුණැල්ලේ 
සෙල්ලී කම්පිතව  වැටුණිද     එක  එල්ලේ 
වල්වී  සැඟව  ගියෙ නෑ  පණ දිවි ගොල්ලේ  

දළරළ ඉවසමින්  තුඟු  වෙරළක්      සේමා 
නිකසල   මුනිවතින්  සිටිනා  සඳු       සේමා 
කළබල  කළහ කරුවන්  වුව  සිත    සෝමා 
ගුණබල  තෙදින්  නතු  කළ හැටි නැත  සීමා 

ලොවම නැති  වුණත්  ඔය  හද  කවර කළේ 
නතර නොවිණි  එක සිතකට   නොවී    පලේ 
කතර  මැදදි  දුටු  සුනිමල තඹුරු        විලේ 
තිසර  රජිඳු  ඔබ ඔබ ඔබ, ඔබය       කුලේ 

UN




Source link