January 25, 2022

Ada Rata

All news in one location

ගෑස් හිඟය හේතුවෙන් හෝටල් සහ ආපනශාලා වැසීයාමේ අවධානමක්


පවතින ගෑස් හිඟය හේතුවෙන් දිවයින පුරා ආපනශාලා සහ කුඩා ප්‍රමාණයේ හෝටල් බොහෝ ප්‍රමාණයක් වසා දැමීමට සිදුව තිබෙනවා.

එමෙන්ම ගෑස් හිඟය හේතුවෙන් ආහාර අලෙවිසැල් පවත්වාගෙන යාමට නොහැකි වී ඇති බවයි එහි හිමිකරුවන් සහ සේවකයින් ප්‍රකාශ කළේ.

මේ අතර, ගෘහස්ථ ගෑස් සිලින්ඩර් මිලදී ගැනීම සඳහා මහජනතාව ද පසුගිය දින කිහිපය තුළ දිගු පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණා.

ප්‍රදේශ කිහිපයක උග්‍ර ගෑස් හිඟයක් වාර්තා වී තිබෙන අතර, ජනතාව ගෑස් බෙදා හැරීමේ ස්ථානවලින් පිටත පැය ගණන් පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබෙනවා.

පසුගිය සෙනසුරාදා (01) ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති තේෂාර ජයසිංහ මහතා පැවසුවේ ගෑස් සැපයුම සාමාන්‍ය තත්ත්වයට පත්වීමට සති 3 ක පමණ කාලයක් ගතවනු ඇති බවයි.

2021 දෙසැම්බර් 20 වන දින LP ගෑස් සිලින්ඩර සඳහා නිකුත් කරන ලද නව රෙගුලාසි යටතේ ගෑස් සිලින්ඩර බෙදා හැරීම සිදු කරන බව ද ඔහු පැවසුවා.

මෙම නව ප්‍රමිතීන් යටතේ ප්‍රමාණවත් සිලින්ඩර ප්‍රමාණයක් සැපයීමට ලිට්‍රෝ සමාගමට තවත් කාලයක් ගතවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා පැවසුවේ අවශ්‍ය ගෑස් සිලින්ඩර් ප්‍රමාණය සැපයීමට තම සමාගම දැඩි වෙහෙසක් ගන්නා බවයි.

රට මුහුණ දී සිටින වත්මන් විදේශ මුදල් අර්බුදය හේතුවෙන් සමාගමට ණයවර ලිපියක් (LC) විවෘත කිරීමට නොහැකි වීම මෙයට හේතුව බව ද ඔහු පැවසුවා.
(colombotimes.lk)

Viber



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq