January 25, 2022

Ada Rata

All news in one location

ගෑස් හිඟයට නව හේතුවක් – Colombo Times


සියලු ගැස් සිලින්ඩර්වල දැනට තිබෙන වෑල් එක මාරුකර ඒ වෙනුවට නව වෑල් එකක් සවිකිරීමට තීරණය කර තිබෙන බව ගෑස් සමාගම් පවසනවා.

ඒ අනුව වෙළඳපොළේ මේ වනවිට ගෑස් හිඟයක් මතුව ඇත්තේ සිලින්ඩර්වලට නව වෑල් එක මාරුකිරීම හේතුවෙන් බවයි ගෑස් සමාගම් පවසන්නේ.

ඔවුන් ඒ බව ප්‍රකාශ කර ඇත්තේ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමග ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

එම සාකච්ඡාවට ආනයන අපනයන පාලක ජනරාල්වරයා, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා ,තාක්ෂණික අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරින් පිරිසක් ද සහභාගී වී තිබෙනවා.

පාරිභෝගික කටයුතු අධිකාරිය සමාගම්වලින් ඉල්ලා ඇත්තේ හැකි ඉක්මනින් පාරිභෝගිකයාට ගෑස් පහසුවෙන් මිලදි ගැනිමට අවස්ථාව සලසා දෙන ලෙසයි.

ඉදිරියේදි ගෑස් මෙරටට ගෙන්විමේදි පරීක්ෂා කිරිමේ බලය, ප්‍රමිති ආයතනය විසින් සිදුකරනු ලබන ක්‍රමවේදය පිළිබඳව ද එහිදි සාකච්ඡා කර තිබෙනවා.

කෙසේ වෙතත් මාසයකට අධික කාලයක සිට පවතින ගෑස් හිඟය හේතුවෙන් ගෑස් සිලින්ඩර් ලබා ගැනීම සඳහා ජනතාවට පැය ගණන් පෝළිම්වල රැඳී සිටීමට සිදුව තිබෙනවා. (colombotimes.lk)

Viber



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq