October 26, 2021

Ada Rata

All news in one location

ගෑස් මිල තවත් වැඩි කරන්න වෙනවා



දේශීය වෙළඳපොල තුළ ගෑස් මිල තවදුරටත් ඉහළ දැමිය යුතු බව ලිට්‍රෝ ලංකා සමාගම පවසනවා. එම සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පෙන්වා දෙන්නේ මීට පෙර සිදුකළ මිල ඉහළ දැමීම ප්‍රමාණවත් නොවන බවයි. යළිත් වරක් ගෑස් මිල ඉහළ නොදැමුවහොත් ගෝලීය වෙළඳපොල තුළ ස්ථාවර වීමට නොහැකි වන බව ඔහු සඳහන් කරනවා.

ගෑස් මිල අඩු කිරීම සම්බන්ධයෙන් ජනතාවට බොරු පොරොන්දු ලබාදිය නොහැකි බව පෙන්වා දෙන තෙෂාර ජයසිංහ මහතා පවසන්නේ, සමාගම මුහුණ දී සිටින සැබෑ අර්බුදය පිළිබඳව ජනතාවට පැහැදිලි කිරීම වඩාත් සුදුසු බවයි. ගෑස් මිල ස්ථිර මිලක් යටතට ගෙනඒමට කටයුතු කරන බවද සභාපතිවරයා පවසනවා.

ඉදිරියේදී ගෑස් මිල පිළිබඳව ස්ථිරසාර වැඩපිළිවෙළක් සැලසුම් කර මිල නිශ්චිත කාලයක් පවත්වා ගැනීමටත් මිල පහත දැමීමට හැකි වන විධිමත් කළමණාකරණයට යොමුවීමටත් අදාළ කරුණු ගැන අවධානය යොමු කරන බවත් ඔහු පැවසීය.

ලාෆ් සමාගමේ සභාපතිවරයා පවසන්නේ පසුගියදා සිදුකළ මිල ඉහළ දැමීමෙන් සිදුවූයේ ගෑස් අලෙවියන් ලැබූ පාඩුව අවම වීම පමණක් බවයි. ගෑස් අලෙවියෙන් ලාබ ලැබීමට නම් තවදුරටත් මිල වැඩිකළ යුතු බවද ඔහු පවසනවා. ඉදිරියේදී තවදුරටත් ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාමේ අවදානමක් තිබෙන බවද ඔහු සඳහන් කරයි.

UN




Source link