December 4, 2021

Ada Rata

All news in one location

ගෑස් මිල ඉහළ දැමීම ගැන ඇමති රඹුක්වැල්ලගේ අපූරු පිළිතුර !



ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ ගොස් ඇති හෙයින් ඊට සාපේක්ෂව දේශීය වෙළඳපොලේ ගෑස් මිල ඉහළ දමන ලෙස ගෑස් සමාගම් අවස්ථා කිහිපයකදී ඉල්ලා සිටි නමුත් මිල ඉහළ දැමීමට රජය සූදානම් නොවීය. කෙසේ නමුත් මේ වනවිට ගෑස් මිල සැළකිය යුතු මට්ටමකින් ඉහළ යනු ඇති බවට කතාබහ වෙමින් පවතී.

ගෑස් මිල ඉහළ දමන තෙක් සිය ගෑස් තොග වෙළඳපොළට නිකුත් කිරීමද ඇතැම් සමාගම් සීමා කර ඇති අතර ඇතැම් ප්‍රදේශවල ගෘහස්ත ගෑස් හිගයක්ද පවතී.

මේ අතර ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත ආරක්ෂා කර ගැනීමේ අරමුණින් බොරතෙල් සහ ඉන්ධන ආනයනය ද සීමා කිරීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාගෙන් විමසා සිටි අතර එහිදී ඇමතිවරයා සඳහන් කළේ ඉන්ධන හෝ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර නොමැති බවයි. ඉන්ධන නොමැතිව ඉන්ධන පිරවුම්හල වසා දැමූ යුගයක්, ගෑස් නැව් එනතුරු බලා සිටි යුගයක් පසුකර ඇති බවත් එවැනි අවාසනාවන්ත තත්වයක් යළිත් ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොතබන බවත් ඇමතිවරයා සඳහන් කරනවා.

යම් හෙයකින් ලෝක වෙළඳපොලේ ඉන්ධන හා ගෑස් මිල තවදුරටත් ඉහළ ගියහොත් රජය ගන්නා තීරණය කුමක්දැයි විමසූ ප්‍රශ්නයට ඇමතිවරයා සෘජු පිළිතුරක් ලබා නොදුන් අතර එවැනි තත්වයක් ඇති වුවහොත් ඒ පිළිබඳව ජනතාව සමග සංවාදයකට යෑමට කටයුතු කරන බව වැඩිදුරටත් සඳහන් කළේය.

UN




Source link