January 22, 2022

Ada Rata

All news in one location

ගෑස් කාන්දුවකදී ජනතාව ක්‍රියාකළ යුත්තේ කෙසේ ද?


මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල සිදුවන කාන්දුවීම් සහ ගෑස් පිපිරීම් වාර්තා වනවා.

ඒ අනුව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ගෑස් කාන්දුවකදී ජනතාව ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණා.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ පුහුණු කිරීමේ නිලධාරී යූ. එස් කලන්සූරිය මහතා ඒ බව පැහැදිලි කළා.

“විශේෂයෙන්ම ගෑස් කාන්දුවකදී ඒ ආසන්නයේ ගිනිගන්නා සුළු කිසිවක් තබන්න එපා. එමෙන්ම ගෑස් සිලින්ඩරය ඇදීමෙන් වළකින්න. එහිදී නැවත ස්පාක්වීමක් සිදුවීම නිසා පිපිරීමක් ඇති වෙන්න පුළුවන්. ගෑස් කාන්දුවකදී සිලින්ඩරය ඉවත් කර ගන්නා ආකාරය වැදගත්. මෙහිදී ගෑස් සිලින්ඩරය එම ස්ථානයෙන් ඉවත් කිරීමේදී එය කෙළින් අතට විය යුතුයි. ආධාරකයක් යොදා ගනිමින් එය කළ යුතුයි.”

පසුගිය දිනවල විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණ ගෑස් කාන්දුවීම් හා පිපිරීම් වලට ප්‍රධානම හේතුව වී ඇත්තේ ගෑස් ලිප සම්බන්ධයෙන් ජනතාවට විශේෂ අවබෝධයක් නොතිබීම බවත් එම මහතා පවසා සිටියා.

එමෙන්ම ගෑස් පාවිච්චියෙන් පසු එය නිවැරදිව ක්‍රියාවිරහිත නොකිරීම නිසා බොහෝ ව්‍යසනයන් ඇතිවී තිබෙන බවත් ඇතැම් ස්ථානවල වතුර උණු කර වතුර පිටතට ඇවිත් ලිප නිවී ගෑස් පිට වෙමින් තිබියදී ඒ බව අවබෝධයක් නොමැතිව ලිප නැවත ක්‍රියාත්මක කිරීම නිසා අනතුරු සිදුවී ඇති බවත් ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ පුහුණු කිරීමේ නිලධාරී යූ. එස් කලන්සූරිය මහතා වැඩි දුරටත් පවසා සිටියා. (colombotimes.lk)

Viber



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq