October 26, 2021

Ada Rata

All news in one location

“ග්‍රාමීය වශයෙන් ලොක් ඩවුන් කිරීම ප්‍රමාණවත් නෑ” – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති


පවතින තත්වය හමුවේ රට ලොක්ඩවුන් කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පවසා තිබෙනවා. ඔහු මාධ්‍ය වැඩසටහනකට පැමිණි අවස්ථාවේ මෙසේ පවසා ඇති අතර තව දුරටත් කරුණු සඳහන් කරමින් ප්‍රකාශ කර සිටියේ වසංගත සමාජයේ තත්වයේ පැතිරීම ගැන පැවසීමට ප්‍රමාද වීම කණගාටුවට කරුණක් බවයි.

ග්‍රාමීය වශයෙන් ලොක්ඩවුන් කිරීම ප්‍රමාණවත් නොවන බවත්, පැතිරීම වැලක්වීමට නම් දිස්ත්‍රික්ක වශයෙන්වත් ලොක්ඩවුන් කළයුතු බවත් ඔහු පවසා සිටියා. කොවිඩ් තත්වයේ විශාල ව්‍යාප්තියක් පවතින නිසා මේ සම්බන්දව නිවැරදි ක්‍රියාමාර්ග ගැනීම ඉක්මන් වියයුතු බව ඔහුගේ අදහසයි.(Colombo Times)



Source link