October 28, 2021

Ada Rata

All news in one location

ගර්භණී කාන්තාවන්ටත් අනිවාර්යයෙන්ම එන්නත් ලබාදිය යුතුයි


ගර්භණී මවුවරුන්ටත් එන්නත් කිරීම අත්‍යවශ්‍ය බව නාරි හා ප්‍රසව වෛද්‍ය වරුන්ගේ විද්‍යායතනයේ සභාපති වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා ප්‍රකාශ කරනවා.

ගර්භණී මව්වරුන්ට එන්නත් ලබාදීම කිසිදු ගැටලුවක් නොමැති බවට පර්යේෂණාත්මකව තහවුරු කර ඇති බවයි ඔබ පවසන්නේ.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ගර්භනී කාන්තාවන්ට , ගැබ් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අයට සහ කිරි දෙන මව්වරුන්ට එන්නත්කරනය සුදුසු බවයි.

“අපේ අනුබද්ධ රාජකීය වෛද්‍යවරුන්ගේ ආයතනය තියෙනවා මහා බ්‍රිතාන්‍යයේ අපිට ඒකෙන් නිතරම කොවිඩ් -19 පිළිබඳ සැලසුම් යාවත්කාලීන වෙනවා. ඒකෙන් කියලා තියෙනවා දැන් මෙච්චර ගානකට දීලා තියෙනවා කිසිම කෙනෙකුට සංකූලතා ඇති වෙලා නෑ කියලා. අපේ විද්‍යාතනය විදියට අපි කියනවා එන්නත්කරණය විය යුතුයි. මේ මොහොත වන විටත් ගැබිණි මරණ දෙකක් පමණ වෙලා තියෙනවා. එක් අයෙකුට අසාධ්‍යයි. එය ගැබිණි මව්වරුන්ගේ මරණ අනුපාතය දිහා බැලුවහම අධික වැඩිවීමක්. ඉදිරියට එය තවත් වැඩිවෙන්න පුළුවන්. එය වළක්වා ගන්න කළ හැකි ප්‍රධාන උපක්‍රමයක් තමයි එන්නත්කරණය. විශේෂයෙන් ප්‍රධාන නගර 4ක් තියෙනවා මේ රෝගය පැතිරෙන. කොළඹ, ගම්පහ, ගාල්ල හා නුවර ඒ ප්‍රධාන දිස්ත්‍රික්ක අතරේ අනිවාර්යෙන් ම වහාම එන්නත්කරණය පටන්ගත යුතුයි.”



Source link