October 25, 2021

Ada Rata

All news in one location

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීතිරීතී උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 816 දෙනෙකු අත්අඩංගුවට


නිරෝධායන නීතිරීතී උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 816 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කාලය තුළ රථ වාහන 77ක් ද පොලීසිය භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවා.

පසුගිය වසරේ ඔක්තෝබර් 30 වනදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීතිරීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 73,894 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි පොලීසිය පැවසුවේ.
(colombotimes.lk)

Viber



Source link