December 5, 2021

Ada Rata

All news in one location

ගංවතුර අවදානමක් ගැන අනතුරු අඟවයි


ඇද හැලෙමින් පවතින වර්ෂාවත් සමග පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කැලණිය සහ කළු ගංඟා ආශ්‍රිත පහත් බිම් වල ජිවත්වන ජනතාවට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇතිවී තිබෙනවා.

පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට ඇඳහැළුණු අධික වර්ෂාපතනය ත් සමග ජලාශ කිහිපයක වාන්දොර විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

තබ්බෝව ජලාශයේ වාන් දොරටු 6 ක් අඩි 2 බැගින් විවෘත කර ඇති බවත් මේ වනවිට ඉන් තත්පරයට ඝණ අඩි 3240ක් ජල ධාරිතාවක් මුදා හරින බවයි වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන පැවසුවේ.

මේ අතර දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් ද අඩි 2 බැගින් විවෘත කර ඇති අතර ඉන් ද තත්පරයට ඝණ අඩි 2800ක ජල ජලධාරිතාවක් මුදාහරිමින් ඇත.

තව ද ඉගිණිමිටිය ජලාශය ත් මේ වනවිට උපරිම ධාරිතා මට්ටමට පැමිණ ඇති බැවින් වාන්දොරටු කිහිපයක් විවෘත කිරිමේ සූදානමක් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පැවසුවේ.

මේ අනුව තවදුරටත් එම ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට වැසි ලැබුණ හොත් ඉදිරියටත් දැඩි අවධානයකින් පසු වන ලෙස ජලාශ ආශ්‍රිත ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටී.

වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම නිවේදනයන් පහතින් :



Source link