October 20, 2021

Ada Rata

All news in one location

ගංඟා තුනක් පිටාර ගැලීමෙන් ප්‍රදේශ කිහිපයකට ගං වතුර තත්ත්වයක්


පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංඟා කිහිපයක ජල මට්ටම තවදුරටත් ඉහළ ගොස් ඇති අතර ඇතැම් ස්ථානවල ගංවතුර තත්වයන්ද හටගෙන තිබෙනවා.

කැලණි, කළු, ගිං, නිල්වලා යන ගංඟාවල ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන් පිටාර ගලා ගංවතුර තත්වයක් හට‍ගෙන ඇති බවයි ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඊට අමතරව කළුගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් සුළු ගංවතුර තත්වයක් හටගෙන තිබෙනවා.

අත්තනගලු ඔයේ සහ මහ ඔයේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති අතර අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් සුළු ගංවතුර තත්වයක් හටගෙන ඇති බව ද වාර්තා වනවා. (colombotimes.lk)

සබැඳි පුවත



Source link