January 26, 2022

Ada Rata

All news in one location

කෝපිකඩේ පොළී මුදලාලි කථානායක පුටුවට ඇවිත් තුෂාර ඉඳුනිල්ගේ සැර කථාව


සමාජ මාධ්‍ය ජාල තුළ කථානායක මහින්ද යාපා අබේවර්ධන හැඳින්වෙන්නේ කෝපි කඩේ පොළී මුදලාලි ලෙස බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පවසනවා.

“සමාජ මාධ්‍ය ජාලා සියල්ලම තුළ ඔබතුමාව හඳුන්වන්නෙ කෝපි කඩේ පොළී මුදලාලි හැටියට. ඉතිං මං හිතන්නෙ ඒක බරපතළ අපහාසයක්. මොකද අපටත් ලැජ්ජයි පොළී මුදලාලි කෙනෙක් වගේ කෙනෙක් යටතෙද අපි මේ සභාව තුළ හැසිරෙන්නෙ කාරණය මම මතු කරනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

මීට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසුවේ “එහෙම කොහෙවත් සමාජගත වෙලා නෑ, කතානායකතුමාට එහෙම කොහෙවත් ප්‍රවෘත්ති පළවෙලාත් නෑ. කතානායකතුමාට අපහාස කරන්න එපා. ඒක ඉල්ලා අස්කර ගන්න” යනුවෙනි.





Source link