November 29, 2021

Ada Rata

All news in one location

කෝටි දෙකක අයිස් මත්ද්‍රව්‍ය ඩිංගි යාත්‍රාවකින් මතුවෙයි


කෝටි දෙකකට අධික වටිනවා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ඩිංගි යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු තලේමන්නාරම වැලිපර මුහුදු ප්‍රදේශයේදී අද (15) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසුවා.

අත්අඩංගුවට ගත් ඩිංගි යාත්‍රා යාත්‍රාවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ තුනයි , ග්‍රෑම් 100 ක ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව විසින් අද පෙරවරුවේ තලේමන්නාරම වැලි පර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ දී විසි මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර එහිදී ගොඩබිම වෙත ළඟා වෙමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක් කිරීමේ දී මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයා ගත් බවයි නාවික හමුදාව පැවසුවේ.

මෙම අයිස් කාඩ්බෝඩ් පෙට්ටියක අසුරා තිබු බව ද නාවික හමුදාව සඳහන් කළා.

සැකකරුවන් ධීවර කටයුතු සිදු කරන මුවාවෙන් මේවා ඉන්දියාවේ සිට මෙරටට නීති විරෝධීව රැගෙන එමින් තිබූ ඒවා බවද නාවික හමුදාව පැවසුවා.

අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 2කට අධික බවද නාවික හමුදාව සඳහන් කළා.

අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා තලේමන්නාරම පොලිසියට භාර දී තිබෙනවා.
(colombotimes.lk)



Source link