December 4, 2021

Ada Rata

All news in one location

කොළඹ හලාවත මාර්ගයටත් ගංවතුරෙන් බාධා


කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයේ මාරවිල මහවැව ප්‍රදේශය ගංවතුරට යටවීම හේතුවෙන් ගමනාගමනයට දැඩි ලෙස බාධා මතු වී තිබෙනවා.

මේ හේතුවෙන් එම මාර්ගය භාවිතා කරන රියදුරන්ට ඒ වෙනුවට විකල්ප මාර්ගයක් භාවිතා මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය දැනුම් දී තිබෙනවා.

ඒ අනුව මෙම මාර්ගය භාවිතා නොකර කොළඹ සිට හලාවත දෙසට ගමන් කරන වාහන වලට මාරවිල උඩුබද්දාව හරහාත් හලාවත සිට කොළඹට ගමන් කරන වාහන වලට මාදම්පේ හරහාත් ගමන් කිරීමට හැකියාව ඇති බවයි පැවසෙන්නේ.(Colombotimes.lk)



Source link